2014 වරාය අධිකාරියට ලක්ෂ 33ක පාඩුවක්

0

ගාලු මුවදොර පිටියේ නඩත්තු සහ මෙහෙයුම් කටයුතු සිදු කිරීමෙන් ශ්‍රි ලංකා වරාය අධිකාරියට ඉකුත් වසරේදී රුපියල් ලක්ෂ 33ක පාඩුවක් සිදුව ඇති බව අනාවරණයවී තිබෙනවා.ඊයේ (11) වරාය හා නාවික අමාත්‍ය අර්ජුන් රණතුංගගේ ප්‍රධානත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වුණා.එහිදී මේ බව අනාවරණයවී තිබේ.

එසේම ගාලු මුවදොර පිටියේ ප්‍රධාන ආදායම් මාර්ගයවූ වාහන නවතා තැබීමේ ගාස්තු හා වෙළදසැල්වලින් අය කරන ගාස්තු පසුගිය කාලයේදී නිසි පරිදි එකතුකර නැති බවත් වාහන නැවතුම් ගාස්තු අය කිරීම බාහිර පුද්ගලයෙකුට පවරාදී ඇති බවත් මේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණයවී තිබෙනවා.වාහන නැවතුම් ගාස්තු අනාවරණය කිරීම අයතා අන්දමට සිදුකල බවට ලැබී ඇති පැමිණිලි හේතුවෙන් ගාලු මුවදොර පිටියේ වාහන ගාස්තු ඉකුත් අප්‍රේල් මාසයේ සිට තාවකාලිකව නතර කිරීමට අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

මුල් අවස්ථාවේ ගාලු මුවදොර පිටියේ නඩත්තු සහ මෙහෙයුම් කටයුතු නාගරික සංවර්ධන අධිකාරියෙන් සිදුකළද පසුව වරාය අධිකාරියේ නිදහස් සේවක සමගාමකටත් අනතුරුව 2011 වරාය අධිකාරියටත් පවරා තිබෙනවා.

ඉදිරියේදී ගාලු මුවදොර පිටියේ නඩත්තු සහ මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයද සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කල යුතු බවට මෙම රැස්වීමේදී යෝජනාවී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ ,ගාලු මුවදොර පිටියේ නවත්වන වාහනවලින් විවිධ ගණනින් මුදල් අය කරන බවත් ,එම මුදල් වරාය අධිකාරියට නොලැබුණු බවයි.වරාය අධිකාරියේ මුදල් පිටස්තර පුද්ගලයන්ගේ සාක්කුවලට යෑමට ඉඩදිය නොහැකි බවත් ජනතාවට වටිනා සේවයක් ලබා දිය යුතු බවත් අමාත්‍යරයා පැවසුවා.