ජනපති අතරමං ?

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැති ධූරය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැන් කෙළින් තීරණයක් ලබා ගත යුතු වනවා.මක් නිසාද ඔහු ගන්නා ඒ තීරණය ක්‍රියාත්මක කිරීමට තවත් වැඩි කාලයක් නොමැති නිසාවෙනි.

මහින්දට අගමැතිකම ලබා දෙන ලෙසට දැනටමත් බහුතරයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.නමුත් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාව ටිකක් ආපස්සට තල්ලු කරන බවද වාර්තා වෙනවා.

ඒ කෙසේ නමුත් ජනතාවගේ ඉල්ලීමත් ජනාධිපතිවරයාට මේ මොහොතේ මග හැරීමට කිසිදු උවමනාවක් නොමැත.නමුත් එජාපය ඔහුව බලයට පත් කිරීම වෙනුවෙන් කටයුතු කර ඇති නිසා එජාපයට ප්‍රෝඩාවක් කිරීමටත් ජනාධිපතිවරයාට කිසිදු උවමනාවක් නොමැති බව වාර්තා වෙනවා.මේ කාරණා සියල්ලක්ම හේතුවෙන් මෛත්‍රිපාල සිරිසේන ගිරයට හසුවූ පුවක් ගෙඩියක් බවට පත්ව ඇති අතර තෝරා ගන්නේ කවුරුද යන්න තීරණය කිරීමට ජනාධිපතිවරයාට හැකි ඉක්මණින් සිදුවනවා.