මහින්ද ,මංගල අල්ලා ගනී !

0

අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රකාශ හරහා තමන්ගේ ගෞරව නාමයට අපහාසවූ බව පවසමින් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා මහින්ද රාජපක්ෂ මංගල සමරවීරට එන්තර්වාසියක් යවා තිබෙනවා.

මහින්ද රාජපක්ෂගේ නීතිඥ අතුල ප්‍රියදර්ශන යාපා විසින් මෙම එන්තර්වාසිය යොමු කර තිබෙනවා.

පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අයට වත්කම රුපියල් බිලියන 18ක් පමණ වන බවත්, ශ්‍රී ලංකාවේ පළමු වැනි ට්‍රිලියනපතියා මහින්ද රාජපක්ෂ බවයි.

මහින්ද රාජපක්ෂගේ නීතිඥවරයා මෙහිදී පෙන්වාදී ඇත්තේ තමන්ගේ සේවාදායකයාගේ කීර්ති නාමයට මේ ප්‍රකාශය හරහා අපකීර්තියක් සිදුව ඇති බවත් එයට නිතීමය ක්‍රියාමාර්ග ගත යුතු නිසා මෙම ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කල බවයි.ඒ අනුව එන්තර්වාසිය යොමු කල දිනයේ පටන් දින 21ක් ඇතුළත අදාළ මුදල තම සේවාදායකයාට ගෙවිය යුතු බවද නීතිඥවරයා අදාල එනත්ර්වාසිය හරහා දැනුම් දෙනවා.

මංගල සමරවීරගේ මේ ප්‍රකාශයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් මාධ්‍ය වෙත නිකුත් කල මාධ්‍ය නිවේදනය 

download (2)