නදීශා හේමමාලි දකුණේ ඡන්දයට!

0

පසුගිය කාලය පුරාවටම වෙබ් අඩවි හරහා විවිධාකාරයේ පුවත් පල කරමින් දේශපාලන ගමන් මඟක් හදා ගත් ජනප‍්‍රිය රංගන ශිල්පිනි නදිෂා හේමමාලි එක්සත් ජාතික පක්‍ෂයෙන් දකුණු පළාත් සභාවට තරඟ වැදීමට නියමිතයි. මීට වසරකට පෙර සිට නදිෂාට දේශපාලනයට පිවිසිමට ආශාවක් තිබුණු අතර එම ආශාව ඉටු කර දීම සඳහා කලා ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ ඇයගේ යෙහෙලියක් හරහා කටයුතු කරමින් සිටිය අතර මේ වන විට ඒ සිහිනය සෑබෑ වී තිබේ.

අදාළ යෙහෙලියට එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ මාධ්‍ය හසුරුවන කිහිප දෙනෙකු සමඟ ඇති සබඳතාව හරහා ඇය එක්සත් ජාතික පක්‍ෂයට යොමු කර ඇති අතර පසුගියදා එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා හමු වු ඇය එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් දකුණට තරඟ වැදීමට කැමැත්ත පල කර තිබේ. දකුණු පළාත් සභා මැතිවරණයට සන්ධානය නියෝජනය කරමින් අනර්කලි අකාශා ද තරඟවදින අතර ඇය දැනටම ද පළාත් සභා මන්ත‍්‍රීවරියක් වේ.

පසුගිය කාලය පුරාවටම විවිධ දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට නළු නිලියන් පැමිණි අතර ඔවුන් ජනතාවට කළ කී දෑ තවමත් අමතක නැත. එවන් වකවානුවක නදිෂා හේමමාලාගේ භූමිකාව කවරක්දැයි සියළු දෙනා බලා සිටිනු ඇත.

NAdee NAdee1