ඊජිප්තුවේ හිටපු ජනාධිපතිට මරණ දඩුවම

0

2012 වසරේ ඇති වූ ආණ්ඩු විරෝධී ගැටුම්වලදී සිදුකළ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් වරදකරු කරමින් 2013 දි බලයෙන් පහ කෙරුණු ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සිට ඊජිප්තු අධිකරණය අද (16) මරණ දඩුවම නියම කළා.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මස 21 වැනිදා හිටපු ජනාධිපතිවරයාට වසර 20 ක සිරදඩුවමක් නියම කෙරුණු බවත් එහිදී මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරන ආධාරකරුවන් 20 දෙනෙකුට ද අධිකරණය මරණ දඩුවම නියම කළ බවත් විදෙස් වාර්තා සදහන් කරනවා.