ග්‍රාමීය පාලම් 210 වැඩසටහන සාර්ථකව ඉදිරියට

0

දිවයින පුරා ගමත් නගරයත් යාකරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක කරන ග්‍රාමීය පාලම් 210 වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිකරන පාලම් 27න් පාලම් කිහිපයක කටයුතු දැන් මුළුමනින් නිමාවට පත්වී තිබේ.

මෙම පාලම් ආරුක්කුවලින් තොරව යකඩින් ඉදිකර ඇත්තේ කාලගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ඕනෑම ස්වභාවික විපත්වලට ඔරොත්තු දෙන අන්දමිනි. ශ්‍රී ලංකාව ජනගහණයෙන් සියයට 75ක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බැවින් එම ජනතාවගේ ආර්ථිකය සහ සංවර්ධනය ගොඩනගන මෙම ග්‍රාමීය පාලම් මගින් ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන යෑමට බෙහෙවින් ඉවහල් වන ඇතැයි අමාත්‍යවරයා පැවසීය. මග නැගුම වැඩසටහනින් පාරවල් වැඩිදියුණු කිරීමෙන් පසු ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණුවී ඵලදායිතාවය ඉහළ තත්ත්වයකට පිවිසුනු බවද ග්‍රාමීය පාලම් ඉදිකිරීමෙන් වැවිලි සහ කෘෂි ආර්ථිකය දියුණුවී රටට විශාල ප්‍රතිඵලයක් අත්කරමින් විශාල සංවර්ධනයක් සිදුවන බවද ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

බ්‍රිතාන්‍ය ආධාර යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිකරන ග්‍රාමීය පාලම් 27න් අමාත්‍යවරයා ඉකුත් ජුලි මස මුල් ගල් තැබූ පාලම් 5ක කටයුතු දැන් නිමාවී ඇත. දැනටමත් වැඩ නිමකර ඇති පාලම් අතර දඹුල්ල තැම්මන්නඇල, ගලේවෙල වැලිමිටියාව, රත්තොට පහළ හපුවිද සහ එපිටමුල්ල, පල්ලේපොල ගල්කඩුල්ල වේ. දිස්ත්‍රික්කයේ සෙසු සියළු පාලම්වල ඉදිකිරීම් ලබන වසරේ අ‍ප්‍රේල් වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට සියළු කටයුතු යොදවා ඇතැයි ජේෂ්ඨ ඉදිකිරීමේ ඉංජිනේරු විතාන සෙනෙවිරත්න මහතා පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ මෙම පාලම් 27 ඉදිකිරීම මගින් පවුල් 25,000කට ආසන්න ලක්ෂ 02කට අධික ප්‍රමානයකට සෘජු ප්‍රතිලාභ හිමිවන අතර වක්‍ර ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 04කි. දහස් සංඛ්‍යාතම පාසැල් සිසුන්ටද සෙත සැලසේ. එමෙන්ම ගම්මිරිස්, සාදික්කා,කුරුදු වැනි කුළුබඩු නිෂ්පාදන සහ තක්කාලි , ගෝවා වැනි කෘෂි නිෂ්පාදන ගොවීන්ටද සෘජු ප්‍රතිලාභ අත්වන අතර ඔවුනට කෙටි කාලයකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලගාවිය හැකි මෙම නගර කෘෂි නගර බවට ඉදිරියේදී පත්වනු ඇති අතර පිත්තල සහ ඊදී භාණ්ඩ කර්මාන්තයන්හි නියැලෙන පිරිසට සහ කුඩා තේ වතු හිමියන්ටද ඉන් ආර්ථික ප්‍රතිලාභ රැසක් ඉදිරියේදී හිමිවනු ඇති බවට එම අමාත්‍යංශය පවසයි.

01.Minister Rajapaksa launches Matale District Bridge Programme on July 03. Happy Villages at Gallewela welimitiyawa 04.  Minister Rajapaksa inspecting one of the old brideges which will be replaced soon 05. New bridge for Dabulla Tammanna