කොටගලින් මහින්ද යළි මතු වෙයි ! (Photos)

0

පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගයක් මත හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ සහ කොටගල රොෂිටා ගොවිපල ඉදිරිපිට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ ඡායාරූප සහිත විශාල කටවුට් වසා දමා තිබුණා.එවකට තිබූ පශු සම්පත් අමාත්‍යංශය සහ කඳුරට ජනතා පෙරමුණ හා අමාත්‍ය සී.බී රත්නායක විසින් සවිකර තිබූ මෙම විශාල කටවුට් වල මහින්ද රාජපක්‍ෂගේ ඡායාරූපය පමණක් පොලිතින් යොදා ගනිමින් වසාදමා තිබුණා.

එම කටවුට් සවිකර තිබූ ස්ථානයට අද උදෑසන පැමිණි මහජන එක්සත් පෙරමුනේ නුවරඑළිය දිස්ති‍්‍රක් සංවිධායක හා අඹගමුව ප‍්‍රාදේශීය සභාව හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හෙලපි‍්‍රය නන්දරාජ විසින් එම වසා දමා තිබූ හිටපු ජනාධිපති වරයාගේ ඡායාරූප යළි නිරාවරණය කරනු ලැබුවා. මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ හෙලපි‍්‍රය නන්දරාජ පවසා සිටියේ රණවිරු සතිය තුළ මෙරටේ යුද්ධය අවසන් කරමින් තිරසාර සාමයක් ඇතිකර රටේ සීඝ‍්‍ර සංවර්ධනයක් සිදුකළ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ ඡායාරූප වසාදැමීමට කිසිවෙකුටත් ඉඩ ලබාදිය නොහැකි බවයි.

නුවරඑළිය දිස්ති‍්‍රක්කය නියෝජනය කරන හිටපු ඇමතිවරුන් හිටපු ජනපති වරයාගෙන් විවිධ වරප‍්‍රසාද ලබාගත්තත් වසා දමා තිබූ මෙම ඡායාරූප නිරාවණය කිරීමට ඔවුන්ට පිට කොන්දක් නොමැති බවද ඔහු එහිදී ප්‍රකාශ කලා .නැවත දේශපාලන කරලියට පැමිණීමට සිටින හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂට බිය වී යහ පාලනයේ දේශපාලඥයන් විවිධ චෝදනා නගමින් එම ගමනට බාධා පමුණුවන බවත් මෙරටේ බහුතර ඡන්ද දායකයන් තව දුරටත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ වටා එක් රොක් වී සිටින බව හෙලපි‍්‍රය නන්දරාජ වැඩිදුරටත් පවසා සිටියා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

IMG_1566 IMG_1512 IMG_1523 IMG_1541