මෙහෙම ගියොත් SLFP අනාතයි , JVP අනාථ නාතයි !

0

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ කියා සිටියේ ,ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක අද අලියෙක් පසුපස යන බවයි.

අද වන විට අලියාගේ බෙල්ලේ සිනුව ගැට ගසා ඇති බවද ඔහු සදහන් කලා.මේ සියල්ලටම වඩා කතා කල යුතු කාරණයක් පවතී.ඒ වෙන කිසිවක් නොව ,ඊයේ ජනතා විමුක්ති පෙරමුණ කොළඹ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.එහිදී මේ සම්බන්ධයෙන් විජිත හේරත් අදහස් දැක්වීමක් සිදුකල අතර ඔහු කියා සිටියේ ,සෝමවංශ අමරසිංහ සහෝදරයා පක්‍ෂයෙන් ඉවත්වන විට සිදුකළ ප‍්‍රකාශත් ඔහු විසින් දැන් සිදුකරන ප‍්‍රකාශත් අතර පරස්පරයක් තිබෙන බවයි .පක්‍ෂයෙන් ඉවත්වන විට කියපු දේවල්වලට හාත්පසින්ම වෙනස් ප‍්‍රකාශයන් දැන් සිදුකරමින් තිබෙනවා. ඒ නිසා ඒ පරස්පරයෙන්ම ඔහුගේ ඉවත්වීම පිළිබඳව අදහසක් ලබාගන්න පුළුවන් යනුවෙන් ඔහු ප්‍රකාශ කලා .ජනතා විමුක්ති පෙරමුණ මේ හරහා කියන්නට උත්සහ ගන්නේ කුමක්ද ?

සෝමවංශ අමරසිංහ පසුගිය දිනවලදී ජෙවිපිය අත් හල විට ඔහුගේ මනසේ විකෘත්තිතාවයක් ඇති බවට ප්‍රකාශ කරමින් ජනතාව අතර මතයක් ගොඩ නැගීමට ඇතැමුන් උත්සහ කලා.

ඇත්තටම අද ජනතා විමුක්ති පෙරමුණ යන්නේ එතරම් සුභවාදි ගමනක් නොවන බව දන්නෝ හොදාකරවම දනී.ආණ්ඩුවේ සියළුදේටම ඔළුව වනමින් එකිනෙකාගේ ඕනෑ එපාකම් සපුරමින් සිටින ජනතා විමුක්ති පෙරමුණ යන මග හරි හැටි හදුනා නොගතහොත් අතරමං වන බවත් සදහන් කල යුතුයි.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩවූ බවට ප්‍රකාශ කරමින් එජාපය ලගින්ම ජෙවිපියත් තබා ගනිමින් ඉතාමත් සූක්ෂම ආකාරයට ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වටපිටාව එක්සත් ජාතික පක්ෂය මේ හරහා තනා ගන්නා බවයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.