ආණ්ඩුව දෙදරයි -යහපාලන ගමන ෂුවර් නෑ !

0

තමන් ඇතුලු සිව් දෙනා ආණ්ඩුවෙන් ඉවත් වීමට ගත් තීරණය ස්වාධීනව ගත් තීරණයක් බව පවිත්‍රා වන්නිආරච්චි පවසයි . ඔවුන් එක්සත් ජාතික පක්ෂ රජය සමග එකතු වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් රජයට සහයෝගය දීමට ගත් තීන්දුවක් අනුව බවත්, නමුත් මේ වන විට එකග වූ සම්මුතීන් බිද දමමින් කටයුතු කිරීමට එජාපය කටයුතු කරන බවත් ඇය සදහන් කලා.

මෙහිදී අදහස් දක්වමින් මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ, එජාපයට සුලුතර බලයක් තිබුන ද එයට බහුතර බලය ලැබෙන්නේ තමන් ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා නිසා බවත්, මේ වන විට එජාපය එය අමතක කර, අප ලබා දුන් බලයෙන් අපටම පහර එල්ල කරමින් සිටින බවයි.

ආණ්ඩුවෙන් ඉවත් වීමට හේතු වශයෙන් ඩිලාන් පෙරේරා ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, තමන් ආණ්ඩුවේ මැති ඇමතිකම්වලින් ඉවත් වූයේ රට හරි මාර්ගයේ ගෙන යන බලවේගයන්ට සහය දී, රටේ හෙට දවස යහපත් කිරීමට ගත් තීරණයක් අනුව බවයි.එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමග සහයෝගයෙන් කටයුතු කල හැකි වුවත්, අගමැතිතුමා සමගින් එසේ කටයුතු කළ නොහැකි නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අගමැතිවරයෙකු සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් තැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

සී. බී. රත්නායක ද මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ, පත් වූ නව ආණ්ඩුව පැවති රජයට චෝදනා එල්ල කරමින් සිටිනවා ඇරෙන්න ලක්ෂ 62ක ඡන්දය ලබා දුන් ජනතාවට සේවය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවයි.අද (21)කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ බව කියා සිටියා.