ශ්‍රිලනිප දෙකඩ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි !

0

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් පිරිස් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අතාවුද සෙනෙවිරත්න පවසයි.ඔහු කියා සිටියේ ,ශ්‍රිලනිප ගැටළු විසදා ගැනීමට එම පක්ෂයට අවස්ථාව ලබා දිය යුතු බවයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකුට අගමැති කම ලබා ගැනීමට උවමනාව ඇති අතර අභ්‍යන්තරව මේ ප්‍රශ්න විසදා ගැනීම සදහා ඒ අය වෙනත් පක්ෂ එක්කරගෙන ඇති බවද මන්ත්‍රිවරයා කියා සිටියා.අගමැතිකම ව්‍යාපරයක් වශයෙන් පවත්වා ගෙන යෑම සදහා මහින්ද රාජපක්ෂ ඒ අය භාවිතා කරන අතරම මෙය විසදා ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඉඩකඩ ලබාදීම ඒ අයගේ යුතුකමක් බවද ඔහු පැවසුවා.මෙය ශ්‍රිලනිප ඉදිරි ගමනට කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට ධෛර්යක් බවද ඔහු අවධාරණය කලා.