20 උඩු යටිකුරු වේ !

0

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වන සංශෝදනය සම්බන්ධයෙන් එකගතාවයකට එළැඹීමට රජයට තවමත් හැකියාවක් ලැබී නොමැති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.මේ පිළිබද සාකච්ඡාවක් ඊයේ දිනයේදීත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එහිදී කිසිදු එකගතාවයකට එළැඹීමට ඔවුන්ට හැකියාවක් ලැබී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරනවා.

ඒ කෙසේ නමුත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් බොහෝ දෙනෙකු චෝදනා කරනු ලබන්නේ ,20 වන සංශෝදනය ගෙන ඒමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් නොමැති බවයි.ඒ නිසා ඔවුන් හිතා මතාම මෙය කඩාකප්පල් කිරීම වෙනුවෙන් විවිධ සැලසුම් ක්‍රියාත්මක කරන බවට ඔවුන් චෝදනා කරනවා.

කෙසේ නමුත් ඊයේ දිනයේදී 20 වන සංශෝදනයට අදාළව යෝජනා කීපයක් ඉදිරිපත්වී ඇති බවද වාර්තා වෙනවා.මේ සම්බන්ධයෙන් අද සහ හෙට දිනයේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙනවා.