කොටි ධජ මැදමුලනේ -මහින්ද අත්අඩංගුවට ගන්න !

0

කොටි ධජ ළෙල දෙන්නේ උතුරේ නොව මැදමුලනේ බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගැනීම සිදුකල යුතු බවද ඔහු පැවසුවා.මහින්ද රාජපක්ෂ මේ රට බෙදා අසත්‍ය ප්‍රචාර පතුරමින් ජාතිවාදය ඇවිලීමට උත්සහ කරන බවද ඔහු කියා සිටියා.

මහින්ද රාජපක්ෂ අද කොටි ධජ ලෙළ දෙන බවට ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් වහාම පොලිසිය සොයා බලා පරීක්ෂණයක් ආරම්භ කල යුතු අතරම කොටි ධජ ළෙල දෙන්නේ මැදමුලනේ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.