ඥානසාර හිමි ඇප මත මුදා හරී (UPDATE)

0

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ,ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජාක්ෂ අල්ලස් කොමිසමට කැදවීමට විරෝධයපා පසුගිය දිනවලදී අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා.

අධිකරණ නියෝග නොතකමිනුයි එම විරෝධතාවය පැවැත්වුණේ.පසුව මේ සදහා සහභාගිවූවන් හට අධිකරණයට පැමිණෙන ලෙසට අධිකරණය විසින් දැනුම්දී තිබුණද ,විදෙස් ගත වීම නිසා ඥානසාර හිමියන් නියමිත දිනයට අධිකරණයට පැමිණියේ නෑ.

පසුව විදේශගතව සිටි උන්වහන්සේ අද කුරුඳුවත්ත පොලීසියට ඉදිරිපත් වූ අවස්ථාවේ පොලීසිය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

——————————————————————————————————————————————————————————————————–

අධිකරණ වරේන්තුවක් පිට අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ,ගලබොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.