යහපාලන ඇමති ඉන්දියාවට ගොරවයි -මෛත්‍රි ,මහින්ද ,චන්ද්‍රිකා එනවාමයි !

0

ඩයිනමයිට් යොදා මසුන් මරණ ධීවරයන්ට පුපුරන ද්‍රව්‍ය පනත යටතේ ඇප නැති නඩු දැමීමට කටයුතු කරන බව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ගාල්ල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යරයා මේ බව සදහන් කලා .

එහිදී හමුවූ ධීවරයන් සමග ඔවුන්ගේ ධීවර ගැටළු පිළිබඳවද අමාත්‍යවරයා සාකච්ඡා කළා. ධීවරයන් විසින් ගාල්ල ධීවර වරායේ ඇති අඩුපාඩු අමාත්‍යවරයාට පෙන්වා දුන්නා. ගාල්ල ධීවර වරායට විශාල අඩුපාඩුවක්ව පවතින නව ජැටියක සහ දොඹකරයක අවශ්‍යතාව මේ වසර තුලම විසඳා එය ගාල්ලට ලබාදීමට කටයුතුකරන බව අමාත්‍යවරයා මෙහිදී ධීවරයන්ට පොරොන්දු විය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර ,

ඩයීනමයීට් යොදා මසුන් මරණ ධීවරයන්ට පුපුරන ද්‍රව්‍ය පනත යටතේ ඇප නැති නඩු දානවා. ධීවර සංස්ථාව අලුතින්ම සුද්ද කරලා ගන්නවා. මේ වසර අවසන් වීමට ප්‍රථම ගාල්ලට මිලියන් 80 ක නවීනතම දොඹකරයක් සහ මිලියන් 100 ක නව ජැටියක් දෙනවා. ඉන්දියාවට දින 65 ක් තියා පැය 65 ක් වත් ලංකාවේ මාළු අල්ලන්න දෙන්නේ නෑ.

20 වන සංශෝධනය බකල් කරන්න දඟලන අය ලබන බදාදා ඉඳන් අපි රටටම පෙන්වන්න සූදානම්. පත්තරේ කාටූන් දැකළා ජනතාව දේශපාලකයීන් ගැන අඩු තක්සේරුවකින් ඉන්නේ. අපි ඒක වෙනස් කරලා ජනතාවට වගකියන මන්ත්‍රීවරු තෝරාගන්න 20 සම්මත කර ගන්නවා. අපි උදව් කලේ මහින්ද දිනවන්න. මෛත්‍රිපාල ජනාධිපතිතුමාට උදවු කරන්න අපිට බැරි උනා. හැබැයී එතුමා අපිට වැඩකරන්න ඇමතිකම් දුන්නා. අපි දෙකට කැඩෙන්නේ නෑ. චන්ද්‍රිකා, මහින්ද සහ මෛත්‍රී ජනාධිපතිතුමා මෙවර එකම ඡන්ද සටනක ඉන්නවා.

(නිමල් අල්ගෙවත්ත )