රැවුලද ?කැදද ?ජනපති කොට උඩ

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ මොහොතේ පැහැදිලි ලෙස තීරණයක් ගත යුතුයි. එසේ නොවුණොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩවී යළි කිසිදු දිනක ගොඩ ගැනීමට නොහැකි වන ලෙසට අර්බුධ රැසකට මුහුණ පාන්නට සිදුවනවා.ඒක නියතයි.විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු අප සමග සුහද සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කලා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ,ජනාධිපතිවරයාත් මේ පිළිබදව තීරණයක් ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවයි.නමුත් එතුමා පක්ෂය දිනවන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියලා පොරොන්දු වෙලත් තියනවා.

හරියටම කිව්වොත් අද මෛත්‍රිපාල ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ.රැවුලයි ,කැදයි දෙකම බේර ගන්න බෑ.එතුමා මේ වෙලාවේ පැහැදිලිව තීරණයක් ගත්තේ නැත්තම් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රිලනිප පවා දූන් ද්‍රෝහියා බවට අනිවාර්යෙන්ම පත් වෙනවා.

අපි ඉදිරියේදී කොහොම හරි එක්සත් ජාතික පක්ෂය පන්නලා දලා ,අපේ මහින්ද මහත්තයාව අගමැති බවට පත් කරලා සන්ධාන ආණ්ඩුවක් හදන්න ඕන .ඔහු අප සමග පැවසුවේය.