මර්වින්ට නොතීසී !

0

මට්ටකුලියේදී තරුණයන් තිදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සදහා අගෝස්තු 25 වනදාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් නොතිසී නිකුත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ නුවන් බෝපගේ අධිකරණයට ඉදිරිපත් කල සංශෝදිත සාක්ෂි සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.2011 වර්ෂයේදී මට්ටක්කුලිය ප්‍රදේශය තුළදී ගයාන් ප්‍රියශාන්ත ,එම් .ඒ ප්‍රේමරත්න ,කැළුම් පෙරේරා යන තිදෙනාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණයකට සාක්ෂි ලබා දීම සදහායි මර්වින් සිල්වාට අධිකරණය විසින් නොතිසී නිකුත් කර ඇත්තේ.