රොත්ත පිටින් මහින්දව ඉල්ලනවාලූ !

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කටයුතු සදහා නියත වශයෙන්ම මහින්ද රාජපක්ෂ අවශ්‍ය බැවින් ඒ නිසාම වහාම ඔහුව හවුල් කරගෙන වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන ලෙසට ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට දන්වා ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එසේ නොවුණහොත් පක්ෂයේ ඉදිරි වැඩ සියල්ල අච්චාරුවක් බවට පත්වන බව අදාළ පිරිස් ජනාධිපතිවරයාට පෙන්වාදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.මේ සම්බන්ධයෙන් පසුගිය දිනවලදී පැහැදිලිව විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් ජනාධිපතිවරයාට සදහන් කර තිබෙනවා.මහින්දව ඉල්ලන්නේ විමල්, වාසු ,දිනේෂ් ,ගම්මන්පිල යන අය බව එහිදී ජනාධිපතිවරයා විසින් නොකියා ප්‍රකාශ කර ඇති බවද සදහන්.

නමුත් ඒ අය දිගින් දිගටම මේ බලපෑම ජනාධිපතිවරයාට සිදු කර ඇති අතර අද සිව් දෙනෙක් පමණක් නොව මුළු රටම ඉල්ලන්නේ මහින්ද බව එහිදී විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා.