රනිල් ෂේප් එකේ නකුට අකුල ගත්තා

0

තමන්ගේ කතාවට අගමැතිවරයා බාධා කිරීම නිසා ඇතිවූ ආවේගශිලීත්වය නිසාම අගමැතිවරයාට පාර්ලිමේන්තුව තුළදී කුණුහරුපයෙන් බැණ වැදී බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර පවසයි.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

ඒ කෙසේ නමුත් ඒ මොහොතේ අගමැතිවරයාට නකුට අකුළා ගන්නවා හැරෙන්න වෙන කිසිදු දෙයක් සිදු කිරීමට හැකියාවක් නොලැබුණු බවද මන්ත්‍රිවරයා පැවසුවා.

මේ අතර මීට පෙර දිනයකදී මන්ත්‍රිවරයා කියා සිටියේ අවශ්‍ය නම් අගමැතිවරයාට මීටත් වඩා කුණුහරුපයෙන් කතා කල හැකි බවයි.

පසුගියදා වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා අගමැතිවරයාට කුණුහරුපයෙන් බැණ වැදීම පිළිබද අප පල කල පුවත් බලන්න.

(උපුටා ගැන්ම )

මහ බැංකු අධිපතිවරයාගේ විමර්ෂන පැවැත්වීමට පත්කල ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් අවශ්‍ය බව විපක්ෂය ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

පසුව මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වීමක් සිදු කල අතර ඒ සමගින්ම පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම්කාරි තත්වයක් ඇති වූවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර එහිදී අදහස් දක්වමින් සදහන් කලේ ,ඔහේ වාඩිවෙනවා…….ඔහේ වාඩිවෙනවා….. පිස්‌සෙක්‌………ඔල්මාද කාරයෙක්‌………මේකා පිස්‌සෙක්‌. මට වාඩිවෙන්න කියන්න උඹ කවුද ?මාව වාඩි කරන්න බෑ යනුවෙන් දැඩි කෝපයෙන් ප්‍රකාශ කරන්නට විය.

එසේම ඊළග දවසේ පර්ලිමේන්තුවට එනකොට රැවුල කපා ගෙන එන්න ,එතකොට මේ ඔක්කොම හරි අගමැතිවරයා පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කලා.

(උපුටා ගැන්ම අවසන් )