යහපාලනයේ නිතීය වල් වැදිලා (Video)

0

අද රටේ නිතීය ආකාර දෙකකට ක්‍රියාත්මක වන බව පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.ඊයේ (26) කොළඹ අධිකරණයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සදහන් කලා.

උතුරේ කොටි සැමරුම් සැමරීම තහනම් කරමින් අධිකරණය විසින් නියෝග නිකුත් කර ඇති අවස්ථාවක විග්නේෂ්වරන්ට කොටි සැමරීමට හැකියාව පවතී නම් ඒ අයට එරෙහිව අපට ක්‍රියාත්මක වන නිතීය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න උන්වහන්සේ ප්‍රශ්න කරනවා.

එසේම ජාතික වස්තුවක් වන විල්පත්තුව වනසන අමාත්‍ය රිෂ්ඩ් බදුයුදීන්ට එරෙහිව මේ රටේ නිතීය ක්‍රියාත්මක නොවීම කණගාටුදායක බවද උන්වහන්සේ කියා සිටියා.මේ යහපාලන ආණ්ඩුව ඒ අයට බයද යන්න ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රශ්න  කලා.