මෛත්‍රිට ඡන්දය දීම ගැන තියෙන්නේ කණගාටුවක් (Video)

0

දින 100න් යහපාලනයක් ඇති කරන බව ප්‍රකාශ කල වත්මන් රජය ලෝක දේශපාලන ඉතිහාසයේ අමූලික බොරුව ප්‍රකාශ කර ඇති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පවසයි.පසුගියදා පැවති සම්මන්ත්‍රණයටකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

තමා මෛත්‍රිපාල සිරිසේන මෙරට ජනාධිපති බවට පත් කිරීම සදහා ඡන්දය ලබා දුන් බව අද ප්‍රකාශ කරන්නේ බොහෝම කණගාටුවෙන් බවත් යහපාලනය යනු නිතීය අනුව පැවතිය යුතු පාලනයක් බවයි ඔහු සදහන් කලේ.

කැලෑ නිතීයක් යටතේ යහපාලනයක් ඇති කල නොහැකි අතරම ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත් කිරීමෙන්ම යහපාලනයේ අයහපත පෙන්නුම් කල බවද ඔහු සදහන් කලා.තමන්ගේ සේවා කාලය තුළ කිසිම දිනක මෙවැනි අච්චාරු ආණ්ඩුවක් දැක නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.