රාජපක්ෂලාගේ පවුල් පිටින් FCID යට

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද ශිරන්ති රාජපක්ෂට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබෙනවා.ලබන පළමුවනදා මෙලෙස ඇයට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණෙන ලෙසට දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සමාජ වෙබ් අඩවි වල මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ,මේ සියල්ල යහපාලන ආණ්ඩුවේ පලිගැනීම් බවයි.තමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඕනෑව අවස්ථාවක ඒ පලිගැනීම් වලට යටවීමට සුදානම් වුවද තමන්ගේ මෑණියන් දේශපාලනය සිදු නොකරම එවැනි දේවල් වලට කැදවීම අසාධාරණ බවද ඔහු ඒ හරහා පෙන්වාදී තිබෙනවා.