සන්ධාන සරණ යන්න ගිය අලීන්ට වැඩ වරදී !

0

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු කර ගැනීමට යන උත්සාහය අසාර්ථකවී ඇති බව අප විශේෂ දේශපාලන වාර්තාකරු පවසයි.අග්‍රාමාත්‍යරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කොට එය ජයග්‍රහණය කරවා සන්ධාන අග්‍රාමාත්‍යරයෙක් යටතේ අළුත් ආණ්ඩුවක් ගොඩනැගීමට නම් ඒ සදහා එකතුවීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායකම්ක්ද සිටින බවට පසුගියදා තොරතුරු අනාවරණය වුණා.

කෙසේ නමුත් එම එජාප කණ්ඩායමට නායකත්වය දුන් මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් ඇති චෝදනා පිටතට ඒම වළක්වා ගැනීම සදහා එම ඇතිකරගත් එකගතාවය නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් නව ආණ්ඩුවක් යටතේ ,තමන්ට වගකිව යුතු අමාත්‍යාංශයක් ලැබෙන්නේ නම් තවදුරටත් මේ පිළිබදව ක්‍රියාකරන බවටද ඔහු සන්ධාන ප්‍රබලයෙකුට පවසා තිබෙන බව වාර්තාවේ.