අවාසනාවක පෙරනිමිති ?

0

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සදහා කටයුතු කල බොහෝ දෙනෙකු මේ වන විට ආණ්ඩුවේම ක්‍රියකාලාපය නිසාම දැඩි කලකිරීමකට ලක්ව ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.ඔවුන් චෝදනා කරන්නේ , වත්මන් පාලනය යහපාලනය ඇති කරන මුවාවෙන් ජනතාව මුළා කර ඇති බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම වෙනුවෙන් කටයුතු කල ජාතික හෙළ උරුමය ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් සංවිධාන ගණනාවක් වත්මන් පාලනය සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමකට ලක්ව ඇති බවද වාර්තා වෙනවා.ජනාධිපතිවරයාගේ ඇතැම් ක්‍රියකලාප නිසා අද ඒ අයට ජනතාවට මුහුණ දීමට හැකියාවක් ලැබී නොමැති අතර මින් ඉදිරියට සිදු කල යුත්තේ කුමක්ද යන්න පක්ෂ වෙන වෙනම සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වෙනවා.