අදත් මහින්දට මුට්ටිය දලා බලනවලු !

0

සන්ධාන පක්ෂ නායකයන් අද (27) දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.එහිදී ඉදිරි මැතිවරණය සහ තවත් කරුණු කීපයකින් සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ හමුව සදහා අද සහභාගිවන මන්ත්‍රිවරයෙකු සමග අප දුරකතනය හරහා සුහද සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ඔහු අප හා ප්‍රකාශ කලේ විශේෂයෙන්ම මේ සාකච්ඡාවේදී 20 වන සංශෝදනය සම්බන්ධයෙන් කතා කරන බවයි.එසේම අද දිනයේදීත් ජනාධිපතිවරයාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සම්බන්ධ කරගනිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට සුදානම් බවද ඔහු ප්‍රකාශ කලා.

එසේම ඉදිරියේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කරමින් එක්සත් ජාතික පක්ෂය බලයෙන් පහා කිරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද ඔහු ප්‍රකාශ කලා.