අතුරුදන්වූ තරුණයාගේ සිරුර ඇල මාර්ගයක

0

මස්කෙළිය පොලිස් වසමට අයත් ඕල්ටන් වතුයායේ කින්කෝරා කොටසේ ඉකුත් 24 වෙනි දින රාත‍්‍රියේ සිට අතුරුදන්ව සිටි තරුණයෙකුගේ සිරුර එම වතුයායේ මස්කෙළිය ඔයට ජලය ගලා බසින ඇල මාර්ගයක තිබීයදී  උදෑසන සොයාගෙන තිබෙනවා.

සුන්දරරාජ් විශ්වලිංගම් නැමති අවුරුදු 29 ක අවිවාහක තරුණයා ඉකුත් 24 වෙනි දින රාත‍්‍රියේ සිට අතුරුදන්වී ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් මස්කෙළිය පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් දින ගණනාවක් ඔහුව සොයා ප‍්‍රදේශයේ මෙහෙයුමක්ද ආරම්භකර තිබුණා.

මෙම තරුණයා මියයෑම ඝාතනයක් බවට පොලීසිය සැකකරන නිසා එම මරණයේ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ  (29) පස්වරුවේ හැටන් වැඩබලන මහේස්ත‍්‍රාත් නීතීඥ දමයන්ති ප‍්‍රනාන්දු මහත්මිය විසින් පැවැත්වුවා. ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීඏණය සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙස වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය මස්කෙළිය පොලීසියට නියෝග කළා.

හැටන් රංජිත් රාජපක්ෂ

DSC09653 DSC09658 DSC09662 DSC09667 vlcsnap-2015-05-29-17h21m56s114