111 සිංහල හාලේ බත් හැලියට පන්නරය දෙන ගාල්ලේ ගොවි රජවරුන් සමඟ

0

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගාල්ල දිස්ත‍්‍රීක් ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා විසින් පැරණි වී ගාල්ල දිස්ත‍්‍රික්කයේ වගා කිරීමට පියවර ගෙන තිබේ. මේ යටතේ ගොවියනට උපරිම සහයෝගය ලබාදෙන මෙන් ලේකම් වරයා නිලධාරින්ට උපදෙස් දී තිබේ. අපි ගොවියන් ලඟට යමු එක් ගොවියෙක් හරි මේ සඳහා යොමු කරමු. පළමුව ම පාරිභෝජනයට නිපදවමු.පසුව මහා පරිමාණයෙන් සකස් කරන්න හැකියි.

අපි අර අමාත්‍යංශයේ මේ අමාත්‍යංශයේ දෙපාර්තමේන්තුවේ කිය කියා සිටිනවාට වඩා යමක් කරමු. සාමුහිකව කටයුතු කරලා. අපි රටටම ආදර්ශයක් රාජ්‍ය නිලධාරින් වශයෙන් රාජය සේවකයන් වශයෙන් කටයුතු කරමු.

රසායනික පොහොර හෝ කෘමිනාශක කිසිවක් භාවිතා නොකර ස්වභාවික පරිසරයෙන් සොයා ගන්නා කොළ රොඩු එකතුකර සාදා ගන්නා කොම්පෝස්ට් පොහොර යොදා පැරණි දේශීය වී වර්ග වගා කරමින් පාරිසරික ගොවිතැනේ යෙදෙන අපූරු ගොවීන් පිරිසක් ගාල්ල දිස්ත‍්‍රික්කයේ මේවන විට කටයුතු කරති.දේශීය වී වගා කටයුතු සිදු කරති. කිසිම සතෙකුට හානියක් නොකර පරිසර ¥ෂණයක් සිදු නොකර ගොවිතැන් බත් කරති.දේශීය දේ ගැන අපේ රටේ බොහෝ දෙනා මහ ඉහළින් කතා කරති. නමුත් එම කතා ක‍්‍රියාවට නංවන බලධාරියකු කිසිදා හමුවන්නේ නැත.දේශීය දේ ගැන කතා කරමින් කාලය කා දමන මිනිසුන් අතර දේශීය බීජ වර්ග වගා කරමින් සතා සීපාවන්ටත් හානියක් නොකර රටට නිහඬව ආදර්ශයක් ලබාදෙන ඒ නිහඬ ගොවි ජනතාව සත්තකින්ම අගය කළ යුතුව තිබේ.
ඒ.එච් සුසන්න ද සිල්වා මහතා හා ඩබ්ලිව්.කේ සුගතදාස මහතා මේ දේශිය වි වගාව වගා කරන්නට පන්නරය දෙන අපේ කාලයේ ගොවි රාජවරුය.මේ ගොවි රජවරුන් දෙදෙනාට ගාල්ල දිස්ත‍්‍රික් ලේක්ම් රවින්ද්‍ර හේවාවිතාරන මහතා උපදෙස් දී ක‍්‍රම ක‍්‍රමයෙන් විශාල ගොවි පිරිසක් එක්ව දේශිය වී වගාව ගාල්ල දිස්ත‍්‍රීක්කයේ දියත් කරන්නට වගා කරන්නට පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහනට, සමගාමීව, පාරම්පරික බිත්තර වී උපදේශනය සිදු කරන, පී ගුරුසිංහ,පුහුණු වැඩසටහන් සිදු කරන,ඩබ්ලිව්.කේ සුගතදාස,ඞී.ඞී.එස් මානවඩු ටන ගොවි රජවරුද මේ සඳහා දක්වන්නේ දැවැන්ත සහයෝගයකි.

ඒ.එච් සුසන්න ද සිල්වා මහතා

අපි වගා කරන්නේ පැරණි වී වර්ග වගාවට කෘමිනාශකවත් වල්නාශකවත් යොදන්නේ නැහැ.වස විෂ නැතුව ගොවිතැන් කරලා අපි පිරිසිදු වී ලබා ගන්නවා. ඒ හින්දා අපි පිරිසිදු හාල් වලින් පිරිසිදු බත් කනවා. ඒ නිසා අනෙක් අයට වාගේ අපිට නානාප‍්‍රකාර ලෙඩ හැදෙන්නේ නැහැ. අඩු වියදමකින් ගොවිතැන් කරන්න පුළුවන්. හොඳසරු සාර අස්වැන්නකුත් ගන්න පුළුවන්.ගෝනබරු, සුවඛ්ල්, කළු හීනටි, සුදු හීනටි මාවී, ලූම්බිණි. පච්ච පෙරුමාල්, එච් හතර, හොඬරවාලූ, හැටදාවී ආදී ඉපැරණි දේශීය වී වර්ග කරන්න හැකියාව තිබෙනවා.අතිශය දුර්ලභ වී වර්ග මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සුළුවට වගා ද කරනවා.

දේශීය වී වර්ග වලින් ගන්නා හාල් වලින් උයන බත් අනෙක් හාල්වලින් උයන බත් වලට වඩා රසයි. පුදුමාකාර ගුණයක් තියෙන්නේ. ලෙඩ රෝග ගොඩකට හොඳයි. පිළිකා රෝගවලට බඬේ අම්ල ගතියට හුඟාක් හොඳයි. දේශීය සහල් වර්ග ආහාරයට ගන්නවා නම් වර්තමානයේ හැදෙන ලෙඩ රෝග වළක්වා ගන්න පුළුවන්.ඉතාමත් අතිශය දුර්ලභ වී වර්ගයක් වන ස්වයංජාත නමැති වී වර්ගයත් එක් ගොවි මහතකුගේ නිවසේ වගා කර තිබේ.ලෝකයේ බිහිවූ මුල්ම වී වර්ගය ස්වයංජාත කියන වී වර්ගය කියලයි අපි අහලා තියෙන්නේ. කුඹුරුවල නොවෙයි ගොඩබිම වුණත් මේ වී වගා කරන්න පුළුවන් ගොයම් පඳුර උක් ගහක් වාගේ ලොකුවට වැවෙනවා. අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වී වගා කරනවා. වී වගාවට තෙල් පොහොර යොදන කොට වගාවට හිතකර සත්තුත් විනාශ වෙනවා. අපේ වගාවේ හිත කර සත්තු ඉතුරු වෙනවා. කක්කුට්ටා, ගෙම්බා බත්කූරා, කුරුමිණියා වාගෙ සත්ත වගාවට හිතකර සත්තු. අපි කෘමිනාශක යොදන්නේ නැති නිසා අපේ කුඹුරුවල හිතකර සත්තු ඉතුරු වෙනවා. ඔවුන් වගාවට හානි කරන සත්තු විනාශ කරනවා. ඒ නිසා අපිට කෘමිනාශක අවශ්‍ය නැහැ.

දේශීය වී වර්ග වල ගොයම් කොළේ හුඟාක් පළලයි. ඒ වාගේම හරිම ගණකමයි. ඒනිසා කෘමි සතුන්ට හානි කරන්න අමාරුයි. ගොයම් කොළේ පළල නිසා වී ගහේ මුලට අව්ව වැටෙන්නේ නැහැ. ඒ හින්දා වල් පැළ හැදෙන්නේ නැහැ. ඒ නිසා වල්නාශක වලට අපිට වියදමක් නැහැ.අපිට අවශ්‍ය පොහොර අපිම හදාගන්නවා. කොළ වර්ග පිදුරු ගොම ගවමුත‍්‍රා ආදිය භාවිතා කරලා කොම්පෝස්ට් පොහොර සකස් කර ගන්නවා. ඒ නිසා අපිට වී වගා කරන්න ලොකු වියදමක් යන්නේ නැහැ.

අපේ රටේ මිනිසුන්ගේ තියෙන මානසිකත්වය තමයි තෙල් පොහොර නැතුව ගොවිතැන් කරන්න බැහැ කියන එක. ඒක බොරු මතයක් අපි තෙල් පොහොර නැතිව වගා කරන්න පුළුවන් කියලා ක‍්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. රාජ්‍ය මට්ටමෙන් වෙන්න ඕනේ තෙල් පොහොර නැතුව වගා කරන්න පුළුවන් කියලා රටේ ගොවි ජනතාවගේ මනස සකස් කිරීම විතරයි.

ඩබ්ලිව්.කේ සුගතදාස මහතා

සිංහල හාල් යයි කි විගස සමහරුන් පරලවන බව ඇත්තකි. ඇමරිකාවේ පිලඩෙල්පියාවේ ටෙම්පල් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් දුඹුරු සහලේ ප‍්‍රසිද්ධ ගුණ හැර තවත් විශේෂ ගුණ කිහිපයක් සොයාගෙන ඇතැයි වාර්තාවක දැක්වේ .අධික රුධිර පීඩනය වැලැක්වීම සහ හර්දයාබාධා වැලැක්වීම දුඹුරු සහලින් කරන විශේෂ කාර්‍යයක් බව වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමේ නව සොයා ගැනීමයි. දුඹුරු සහලේ නිවුඕඩ විසින් එය සිදුකරන පිළිවෙල ද ඔවුන් විසින් පැහැදිලි කර දෙති. දුඹුරු සහල් ආහාරයට ගැනීම නිසා ජපානයේ මිනිසුන් ඇමරිකාවේ මිනිසුන්ට වඩා රුධිර පිඩන රෝග හා හර්දයාබාධ වලින් ගැලවෙන හැටි එම වාර්තාවෙන් විස්තර කෙරේ. මේ අතර කාම්බෝජය, ල ඕසය ආදි රටවල ස්ටිකී රයිස් නොහොත් ඇලෙන හාලෙන් කැඳ සහ ආහාර හදා දෙන දෙමව්පියෝ එම දරුවන්ට යම් යම් අසනිප බෝකරන බව ද ආහාර විද්‍යාඥයින් හොයාගෙන තියෙන කාරණයකි.

අප සිංහලයින් සුදු හාල් හෝ ඇලෙන හාල් කෑ මනුෂ්‍ය වර්ගයක් නොවේ. ඔවුන් බත් කෑම සදහා වී වර්ග සිය ගණනක් නිපදවාගෙන සිටි ජාතියකි. සිංහලයින් තරමින් සහල් වර්ග නිපදවු තවත් මනුෂ්‍යයින් පිරිසක් ලොව විසු බව පෙන්වන්ට පුඵවන් කාටද? එයින් සමහරක් වී මා වී ය. සමහරක් වී බාල වී ය. මාස දෙකෙන් අස්වැන්න ලැබෙන කලූ හීනටි වැනි ගොඩ වී වර්ගත් ඔවුන් නිපදවා ගත්හ. මෙසේ නිපදවාගත් වී වර්ග වලින් කළ ලොකුම හපන්කම ජනතාව නිරෝගී කරවීමයි.

එහෙත් යටත් විජිත යුගයෙන් පසුව රට පාලනය කළ දේශපාලනඥන්ට සිංහලයන්ගේ හපන්කම් ගැන නොවැටහුනි. බටහිර රටවල් සතුටු කිරිමටම වෙහෙසුන ඔවුන් සිංහල යයි කියන වචනයට පවා බිය වෙන්ඩ පටන්ගැනීම මේ අවාසනාවට මුළයි. මේ නිසා යටත් විජිත කාලයේ පවා රුකගත් බොහෝ දේ රටට අහිමි විය. සිංහල වී වර්ග අහිමිවීම එක උදාහරණයකි.

සිංහල ගොවීන් පලදා සංවර්ධන කමිටුවලින් සපයන බීජ වී අරගන වගා කරන කාලකණ්නී නිවට රටවැසියන් සමුහයක් බවට පත්වුහ. පලදා කමිටු නිසා සිංහල වී වර්ග සියල්ලක්ම වාගේ වඳවුනි. වර්ග සීයකට වඩා රටේ තිබුණු සිංහල වී වර්ග අතුරින් දැන් මුලූ රටේ ම ඇවිද්දත් පැරණි වී වර්ග දහයක් සොයා ගැනීමට නොහැක. පැරණි වියක් ඉතිරි වි ඇත්නම් හුදකලා වු ගමක පමණි.

සිංහල වී වර්ග වල විශේෂතාවයක් වුයේ හාල් ඇටයේ කුරුට්ටයි. දුඹුරු සහලේ ෆයිබර් බී විටමින් සහ ඛනිජවර්ග තියෙන බව ප‍්‍රසිද්ධ කාරණයකි. නමුත් පිලඩෙල්පියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමේ නව සොයාගැනිම් නිසා සිංහල දේශිය මනුෂ්‍යයින් ගේ පෝෂණය පමණක් නොව ලෙඩදුක් වලින් ආරක්ෂා කිරීමේ ද මහගු ශක්තියකින් යුතු වු බව පෙනී යයි.

පරිසරය ආරක්ෂා කළ සිංහල වී ගොවිතැන යළි රටේ ස්ථාපිත කළ හැකිනම් ඒක ආසියාවට පමණක් නොව එය ලංකාවෙන් ලොවටම කෙරෙන ආශ්චර්යමත් ක‍්‍රියාවකි. පරිසර අර්බුදයේ පටන් ආර්ථික අර්බුදය දක්වා සියයක් ප‍්‍රශ්න සම්ප‍්‍රදායික සිංහල ගොවිතැන් යළි පිහිටුවීමෙන් නිරාකරණය කිරිමට පුඵවන. අඩුම තරමින් එම කරුණ කරන්ට ආරම්භයක් ඇත් කරන්නට,පුඵවන් නම් අපට බොහෝ බලාපොරොත්තු ඇතිකර ගැනිමට පුඵවන.මෙය ගාල්ල දිසා පතා තුමා ලබාදෙන සහයෝගයෙන් පැමැදිලි වෙනවා.අපිට ලොකු ගමනක් යන්නට හැකියි.

ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් රවින්ද්‍ර හේවාවිතාරන මහතා.

කළු හීනැටි හාලේ බත් සමග වලිකුකුළු මාළුව එකල අපේ ගැමියන් අතර පැවැති ජනප‍්‍රිය ආහාරයකි. අද නම් කළු හීනැටි මෙන්ම වලි කුකුළු මාළුව හද්ද පිටිසර ගම්මානයකින් පවා සොයා ගැනීම දුෂ්කරය. අපේ මුතුන් මිත්තෝ එදා කළු හීනැටි පමණක් නොව දේශීය වී වර්ග රැුසක් වගා කළහ. එකී වී වර්ග ගැන මෙන්ම වී ශාකයේ සෑම ඉරියව්වක් ගැනම ඔවුන් හොඳින් දැන සිටියහ.

සත්තකින්ම, වී ගොවිතැනත් සිංහලයාත් අතර අනාදිමත් කාලයක් තිස්සේම පවතින්නේ සුහද නෑකමකි. අපේ රටේ පිහිටි සාරවත් කෙත්බිම්වල එකල අපේ පැරැුන්නෝ දේශීය වී වර්ග තුන්දහසක් හාරදහසක් අතර ප‍්‍රමාණයක් වගාකොට තිබෙනවා.ඉපැරණි වී වර්ග ගැන සඳහන් කරන විට වී වගාවේ ඉතිහාසය ගැන සඳහන් නොකිරීම බැරිය.
ස්වයංජාත හැල් නමැති ධාන්‍ය වර්ගයෙන් වී බිහිවූ බවට මතයක් පවතින අතර අකට්ඨා පාකිමං සාලිං යනුවෙන් පාලි ග‍්‍රන්ථවල සඳහන් වන්නේ එම මුල්ම ධාන්‍ය වර්ගය බවද පැවැසේ්. සී සෑමක් නැතිව පැසුණු යන අර්ථය එහි ඇත්තේය. එහෙත් කෘෂි විද්‍යාඥයන්ගේ මතයන්ට අනුව වී වගාවේ ඉතිහාසය අදින් වසර හත්දහසක් තරම් දුර ඉතිහාසයක් දක්වා අප කැදවාගෙන යයි.

වංශකථාවල සඳහන් වන ආකාරයට මෙරට ගොඩබට විජය ඇතුළු පිරිස දිනපතා ආහාරය පිළියෙල කරගෙන ඇත්තේද සහල්වලිනි. ලක්දිව මුල්ම පදිංචිකාරයන් වූ යක්ෂ ගෝත‍්‍රික කුවේණිය ඇතුළු පිරිසද සහල් ගැන දැනීමක් ඇතිව සිටි බව පැවසේ. කෙසේ වුවද මහින්දාගමනයටත් පෙර සිටම මේ පුංචි දිවයිනේ කුඹුරු වගාව ඉතා සරුවට කෙරි ඇති බැව් මහාවංශයේ සඳහන් වෙනවා.

පණ්ඩුකාභය කුමාරයාට පාලි කුමරිය හමුවී ඇත්තේද කුඹුරු පැසී කපා පාගා ගන්නා අවස්ථාවකදීය. මේ තුළින් පැහැදිලි වන්නේද පණ්ඩුකාභය යුගය වන විටද මෙරට පොදු ආහාරය බත වී තිබුණු බවය. කොටින්ම කිවහොත් සිංහලයාට කුමක් නැතිවුවත් බත් නම් නැතුවම බැරිය.

සැබැවින්ම ඉපැරණි වී වර්ගවල බත අධික පෝෂණ ගුණයෙන් හා ඖෂධීය වටිනාකමෙන් ඉතා ඉහළය. එදා අපේ මුතුන් මිත්තෝ ශක්තිවන්ත හා නිරෝගී පිරිසක් බවට පත්වූයේ පාරම්පරික සහල් පරිභෝජනය කිරීම නිසාය. කෙසේ වුවද 1960 වසරෙන් පසුව ඇතිවූ හරිත විප්ලවයෙන් පසු දේශීය වී වර්ග අභාවයට ගියේය. නව වී වර්ග ඇතිවිය. දිනෙන් දින ඉහළ යන ජනගහනයේ බඩකට පිරවීම සඳහා නව වී වර්ග වගාකිරීමට අපට සිදු විය.

ඒ සමගම අපේ ඇත්තන්ට කෑමට සිදු වූයේ නව වී වර්ග වල බත්ය. පැරණි වී වර්ගවල බත් අපේ ඇත්තන්ට නොයෙකුත් ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තියක් මෙන්ම ලෙඩ රෝගවලින් මිදීමේ ඖෂධ ගුණයක්ද ලබාදුන්හ. මෙකී දේශීය වී වර්ග වගා කරන ගොවීන් අප අතර තවමත් සිටිති. එමෙන්ම එම වී වර්ග අපේ මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමට විවිධ වූ සංවිධාන කටයුතු කරමින් සිටිති. පෞද්ගලික සමාගම් කිහිපයක්ද පැරණි වී වර්ගවලින් සහල් නිපදවා අලෙවි කිරීමේ යෙදී සිටිති.

ගොවීන්ගේම එකතුවකින් පිහිටුවාගත් දේශීය බීජ සහ කෘෂි සම්පත් සුරැුකීමේ ගොවි සම්මේලනයද ඉපැරණි දේශීය වී වර්ග සංරක්ෂණය කිරීමට මෙන්ම ගොවීන් අතර ව්‍යාප්ත කිරීමට කටයුතු කරති. ගොවි සම්මේලනය මගින් පැරණි දේශීය වී වර්ග එකසිය විසිඅටක් පමණ සංරක්ෂණය කොට තිබේ. ඒ ගොවි සම්මේලනයේ සභාපති පී. ගුරුසිංහ මහතාගේ අධීක්ෂණය යටතේය.

ඇත්තටම අපේ පැරැුන්නෝ වගාකළ ඉපැරණි වී වර්ග දැන් අභාවයට යමින් පවතිනවා. මෙය අප රැුකගත යුතුයි. දැන් දැන් ගොවි ජනතාව අතර පැරැුණි වී වර්ග වගා කිරීමට විශාල උනන්දුවක්ද ඇතිවී තියෙනවා. නොයෙකුත් ලෙඩ රෝග සඳහා පැරණි වී ප‍්‍රභේද වල සහල් ඉතා හොඳ බැව් පර්යේෂණවලින්ද අනාවරණය වී තියෙනවා. ඇත්තටම අප ඉපැරණි වී වර්ග ගොවීන්ට බෙදා දී ඒවා ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. මේ සඳහා රජයේ සහයෝගයද හිමි විය යුතුයි. පී. ගුරුසිංහ මහතා පවසයි.

ගෝණබරු වී, වකවී, පොකුරු වී, සූදුරු වී, ලේකම් සම්බා වී, හැටපඳුරු වී, බාලකහරමනා වී, මුතු සම්බා වී, කහරමනා වී, දම්පාට ගොඩ වී, බාල කුරුවී. ලේකම් සම්බා, රත් කුණ්ඩ වී, සුදු මඩයල් වී, රන්කෑවී, සුරන් ගිරුස්, සුරචනියමි වී, රත්හැල් වී, කුරුළුතුඩ වී සුවඳැල් පච්චපෙරුමාල්, මඩනවාථ ආදි ඉපැරණි දේශීය වී වර්ග මෙම සංවිධානය මගින් සංරක්ෂණය කොට තිබේ.

එකල අපේ පැරැන්නෝ වී වලට නම් දීමේදී වියෙහි පැහැය, හැඩය, මෙන්ම සුවඳ පිළිබඳවද සැලකිලිමත් වී තිබේ. හේනේ වපරනු ලැබුවේ ගොඩවී හෙවත් ඇල් වීය. මඬේ වපරනු ලැබුවෙ මඩවීය. සමහරක් වී වර්ග රතු යනුවෙන්ද සුදු යනුවෙන්ද හැඳින්වූහ. වියෙහි හැඩය අනුව දික් වී කුරු වී හීං වී ආදි වශයෙන් නම් පටබැඳීය. කෙසේ වුවද මෙකී වර්ග දැන් දැන් අපේ ජනවහරින්ද මැකී යමින් පවතී.

මේ කාලයේ වගාකරන ඇතැම් ගොවීන් මෙම ඉපැරණි වී වර්ග ගැන කිසිවක් දන්නේ නැත. මෙම වී වර්ගවල නම් කියූ විට ඇතැම් ගොවීහු පුදුමයෙන් මෙන් බලා සිටිති. ඇතැම් වී වර්ගවල බත ඉදෙන විට මුළු පරිසරයම සුවඳවත් වෙයි. සුවඳැල් වී ප‍්‍රභේදය ඊට හොඳම උදාහරණය වන්නේය. සුවඳැල් වී වගාකොට ඇති යායක් පැසී රන්වන් පාටට එනවිට මුළු කුඹුරු යායම සුවදවත්ය.

ඇත්තටම සුවදැල් හාලේ බත හරිම රසයි සුවඳයි. ඊට පස්සේ පච්චපෙරුමාල් කළු හීනැටි, මඩනවාලූ යන පැරණි වී වර්ගයන් වගා කළා දැනටමත් මා ළඟ කළු හීනැටි වී මල්ලක් විතර තියෙනවා. දරුවන්ට කැඳ එහෙම දෙන්න ඒ වී ගන්නවා ඇත්තටම පැරණි වී වර්ග අඩු අස්වනු සහිත කුඹුරුවල ව්‍යාප්ත කිරීමට උදව් කිරීම රජයේ වගකීමකි.සිරිපාල ගොවි මහතා මෙවර මහකන්නයේද මඩනවාලූ හා බටපොල්ඇල් යන ඉපැරණි වී වර්ග වගාකොට ඇත්තේය. ඒ ගෙරිකටු පොහොර යොදාය.

ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් රවින්ද්‍ර හේවාවිතාරන මහතා.

දේශීය පාරම්පරික සහලේ ගුණාත්මක බව හා ඖෂධීය වටිනාකම ගැන චරක හා සුශ‍්‍රැත ආයුර්වේද ග‍්‍රන්ථවල මෙසේ සඳහන් වන්නේය.මාවී – දියවැඩියාව මළබද්ධය, ස්ථූලභාවය, පාලනයට සුදුසුය. කාය ශක්තිය වඩවයි.
සුවඳැල් – ශරීර වර්ධනයට සුදුසුය. කටහඬ මිහිරිකරයි, බහිශ‍්‍රාවීය ක‍්‍රියා මනාකොට පාලනය කරයි, නවීන විද්‍යාත්මක පර්යේෂණ මගින්ද දියවැඩියාව පාලනය කරන බැව් තහවුරු කොට ඇත.කළු හීනැටි – මළ බද්ධය ශරීරගත විෂ මර්ධනයට සුදුසුය. ශරීර ශක්තිය වර්ධනය කරවයි.රත්දැල් – ශරීරය සැහැල්ලූ හා සිිසිල්කරයි, බහිශ‍්‍රාවීය, ක‍්‍රියා නිසි ලෙස සිදු කරයි. සම නිරෝගීමත් කරයි.පොක්කාලි – දියවැඩියාව ස්නායු රෝග සමේ රෝග සඳහා සුදුසුය.දහනල – වකුගඩු පිළිකා ප‍්‍රමේහ රෝග සඳහා සුදුසුය.කුරුළු තුඩ – කාය ශක්තිය වර්ධනය කරයි ශරීරයේ උණුසුම වැඩි කරයි මුත‍්‍රා හොඳින් පිටකරයි.හැටදා වී – මළබද්ධය දුරු කරයි. ශරීරයේ සෘජුබව ඇතිකරයි.මඩනවාලූ – දියවැඩියාව, හා වාත පිත සෙම් සඳහා සුදුසුය.

එදා අපේ මුතුන් මිත්තෝ මෙම වී වර්ග වගා කළේ ඊසාන දිග නිරිතදිග වැනි මෝසම් රටාවට අනුකූලව සකසාගත් වගා රටාවකට අනුවය. එකල ඒ රටේ එක් එක් දේශගුණික කලාපවලට ගැලපෙන වී වර්ග වගා කෙරිණි. එදා හෙළදිව ග‍්‍රන්ථයේ රොබට් නොක්ස් මේ ගැන හරි අපූරුවට විස්තරකොට ඇත්තේය.

ලංකාවේ එක් වී වර්ගයක් පැසීමට සත් මසක් කල් ගතවෙයි. මෙයට මාවී යෑයි ව්‍යවහාර කරනු ලැබේ. තවත් වී වර්ගයක් පැසීමට සයමසක් ගතවෙයි. ඒ හාතියල් නමි සතර මසකින් පැසෙන වී වර්ගය හීනැටි නම් වේ. තුන්මසකින් පැසෙන වී වර්ගයක්ච වේ. එයට ඇල්පත්කල් යෑයි කියනු ලැබේ. මේ සියලූ වී වර්ගයන්ම අගයෙන් එක සමාන වන අතර ඉක්මනින්ම පැසෙන වී වර්ගය රසයෙන් ඉමිරිහි වන්නේය. එසේ වුවද අස්වැන්න අතින් ඉතා දුප්පත්ය.
ජලය අඩු ප‍්‍රදේශවල වගා කෙරුණේ ඇල් වීය. නිතර නිතර ජලයෙන් යටවන ප‍්‍රදේශවල මා වී වගා කළේය. අදටත් නිල්වලා ගං නිම්නයේ හා ගිං ගඟ නිම්නයේ මා වී වගාවන් දැකගත හැකිය. කෙසේ වුවද මෙකී පාරම්පරික වී වගාවට රජයෙන් ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. වැඩිවන ජනගහනයට අනුව අවශ්‍ය ආහාර සපයාදීම සඳහා නව වී ප‍්‍රභේද වගා කළ යුතුය. ඒ ගැන කිසිඳු ගැටලූවක් නැත. ඇත්තටම අප පැරණි වී වර්ග ව්‍යාප්ත කල යුත්තේද ඉතා ප‍්‍රවේශමෙනි. මක්නිසාද යත් රටේ ආහාර නිෂ්පාදනයට කිසිදු හානියක් නොවන ආකාරයෙනි.

අඩු අස්වනු සහිත ආන්තික කුඹුරුවල පැරණි දේශීය වී වර්ග වගා තාක්ෂණයන් භාවිතාකරමින් වගා කළ හැකිය. සැබැවින්ම අඩු අස්වනු සහිත ආන්තික කුඹුරු සඳහා යෝග්‍ය පාරම්පරික දේශීය වී වර්ග හඳුන්වාදීම හා වගාකිරීම තුළින් ගැටලූ සහිත කුඹුරු යායන්වල වී ගොවිතැන ප‍්‍රතිඵපලදායක තත්ත්වයට පත් කළ හැකිය.

පැරණි දේශීය වී වර්ග වගා කිරීමේ කටයුතු සඳහා ව්‍යාප්ත කිරීමට මෙන්ම ගොවීන් දිරිමත් කිරීමට කටයුතු කරන්නේ දැනට වසර හතරක පමණ සිටය. ගොවි සම්මේලන මෙන්ම ගොවිජනසේවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යන ආයතනවල සහයෝගයද මේ සඳහා හිමිවී තිබේ. නිල්වලා ගං නිම්නයේ පැරණි මා වී වගාකිරීමේ ව්‍යාපෘතියක් මෙන්ම උග‍්‍ර ලවණ කිවුල සහිත බූන්දල ඌරණිය වෙල්යායේ පැරණි වී වර්ග වගාකිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කොට ඇත.
බූන්දල ඌරණිය වෙල්යායේ පොක්කාලි රත්දැල් , හීනැටි දහනල කුරුළු තුඩ අක්කර 25 ක වගා කළ මේ කුඹුරු යාය බලන්න උතුරේ ගොවීන්ද පැමිණියා. ඔවුන් කුඹුරේ වැඩකළා. දකුණේ ගොවීන් සමග අත්දැකීම් හුවමාරු කර ගත්තා. ඒ විතරක් නෙවෙයි. උතුරේ ගොවීන්ට පොක්කාලි වෙද හීනැටි යන බීජ වීද හම්බන්තොටින් දෙන්නට හැකියාව ලැබි තිබේ.

ගාල්ල හබරාදුව, අක්මීමන, මඩනවාලූ, බටපොල ඇල් සුවඳැල් පච්චපෙරුමාල් යන වී වර්ගයන් ගෙරිකටු පොහොරත් අපට ලැබුණා. නමුත් අඩු අස්වනු සහිත කුඹුරුවල මේ දේශීය වී වගාව ව්‍යාප්ත කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය ලැබිය යුතුයි.
අඩු අස්වනු සහිත ආන්තික කුඹුරුවල දේශීය වී වර්ග ව්‍යාප්ත කිරීමට රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාටද දැඩි ඕනෑකමක් තිබේ. දකුණු පළාත තුළ පමණක් පුරන්ව ඇති කුඹුරු අක්කර ප‍්‍රමාණය 15000 කි. මේ පුරන් කුඹුරුවලින් අවම වශයෙන් අක්කර පන්දහසක හෝ දේශීය වී වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම බලධාරීන්ගේ වගකීමකි.
මේ සඳහා කැමැති ගොවීන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළ යුතුය. පැරණි වී වර්ග වගාකිරීමෙන් ඖෂධීය ගුණයෙන් යුතු දේශීය සහල් පරිභෝජනය කිරීමට ජනතාවට අවස්ථාව උදාවේ. අඩු අස්වනු සහිත කුඹුරුවල මෙකී පැරණි වී වර්ග ව්‍යාප්ත කිරීමට කෘෂික්ෂේත‍්‍රයට සම්බන්ධ බලධාරීන් මැදිහත් විය යුතුය.

පාරම්පරික වී මගින් සහල් නිෂ්පාදනය කොට බත සපයා ගැනීමේ මෙරට ඉතිහාසය නිශ්චිතව කිව නොහැකි දුරාතීතයකට අයත්ය. ප‍්‍රභේද 3000 කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා භාවිතා කළ බවට සාක්ෂි හමුවේ. එය සුවිසල් ජෛව විවිධත්වයකි. එයට හේතුව ලංකාවේ දේශගුණික කලාප සහ භූගෝලීය විවිධත්වයේ ස්වභාවය නිසාවෙනි. මේ තත්ත්වය මත සුවිශේෂී ආහාර සුරක්ෂිතතාවක් ගොඩනැඟී තිබුණි. පණහේ දශකයේදී ආරම්භ වූ හරිත විප්ලවයෙන් බලාපොරොත්තු වූයේ එවකට ලංකාවට ආනයනය කරමින් තිබූ රසායනික පොහොරවලට ප‍්‍රතිචාර දක්වන වී ප‍්‍රභේද අභිජනනය කොට හඳුන්වා දීමයි. 1959 සිට මෙම ක‍්‍රමවේදය ඉදිරියට ගියේය. මේ නිසා පාරම්පරික වී භාවිතය විශාල වශයෙන් හීන වුණි.

1980 දශකය වන විට ලංකාවේ විවිධ පළාත්වල වගා කරන ලද පාරම්පරික වී ප‍්‍රභේද සංඛ්‍යාව තිහකට වැඩි නොවීය. ඒවාද දුෂ්කර ගම් පළාත්වල ගොවීන් අතර සුරක්ෂිත වී තිබුණි. විවිධ දේශගුණික විපර්යාසයන්ට අභිජනන වී ප‍්‍රභේද ඔරොත්තු නොදීම හේතුවෙන් ඉහත කී වර්ග සංරක්ෂණය වී තිබුණු බව පැහැදිලි විය.

කළුතර, ගාල්ල කුරුණෑගල, මහනුවර, මාතර, මාතලේ, රත්නපුර, ආදී දිස්ත‍්‍රික්කයන්හි ගොවීන් අතර භාවිතයේ තිබූ පාරම්පරික වී ප‍්‍රභේද රාශියක් මේ සංරක්ෂණ ක‍්‍රියාවලිය නිසාවෙන් ගුණනය වී තවත් ගොවීන් රාශියක් අතට පත්වීම මෙහි ඇති විශේෂයයි. මේ ප‍්‍රවණතාව පාරිසරික ගොවිතැන උනන්දු කරවන අතර අනූව දශකය මැද භාගය වන විට රාජ්‍ය නොවන සංවිධාන රාශියක් පැරණි වී වර්ග සංරක්ෂණයට පිවිසුණු බව කිව යුතුය.

1930 දශකයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිය සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී තිබුණේ පාරම්පරික වී ප‍්‍රභේද වල අඩු අස්වනු ප‍්‍රතිශතයයි. අක්කරයට බුසල් 15-20 ත් අතර ප‍්‍රමාණයක් ලබාදෙන බැවින් අභිජනන වී වර්ග ලබාගත යුතු බවට පෙළඹවීමක්ද ඒ සන්නිවේදනය මගින් ඇති කරන ලද නමුත් පේ‍්‍රමරත්න මහතා එම සංඛ්‍යා ලේඛන වැරදි බව පෙන්වා දෙමින් පැරණි වී ප‍්‍රභේදයන්ට විශාල අස්වනු හැකියාවක් තිබෙන බවය.

1970 වසරේදී පොලැල් නම් වූ පාරම්පරික වී ප‍්‍රභේදය සංරක්ෂණය කිරීමෙන් ඔස්සේ පාරම්පරික වී ප‍්‍රභේද ප‍්‍රචලිත කිරීමේ නව ක‍්‍රියාදාමයක් දියත් කරන්නට අවස්ථාව සැලසුණි. එහි ප‍්‍රතිඵලය වූයේ 1998 වසරේ සිට මේ ප‍්‍රභේදයන්හි සහල් අලෙවියට මග පෑදීමයි. පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙසට වෙළෙඳ පොළට ඉදිරිපත් කළ සහල් කිලෝවක් එකල රුපියල් 50-60 ක මිලකට අලෙවි කරන්නට යෙදුණි. පලිබෝධ නාශක යොදා නොතිබීම එහි ප‍්‍රධාන තේමාවයි. සිමෙන්ති උර කඩදාසියෙන් නවන ලද අලංකාර ඇසුරුමක බහාලූ මෙම සහල් කිලෝව ඉතා ආශාවෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් දැක්වූ උනන්දුව විශේෂිත විය. තිළිණයක් ලෙස ගෙදරකට කිරිපිටි පැකට්ටුවක් හෝ අයිස් ක‍්‍රීම් බඳුනක් රැුගෙන ගිය අය මෙම පාරිසරික නිෂ්පාදනය මිලදී ගෙන ගෙදරකට රැුගෙන ගියේ මහත් ආඩම්බරයෙනි. එසේම විවිධාකාර ලෙඩ රෝග වලට ගොදුරු වී සිටි නාගරික ජනතාව පාරම්පරික වී ප‍්‍රභේදයන්හි තිබෙන සුවිශේෂී ඖෂධීය ගුණාංග හඳුනාගෙන ඒ සහල් පරිභෝජනය කරන්නට විය.

රුපියල් 8-11 අතර මිලකට එකල වී කිලෝව පැවතුණි. සහල් කිලෝවක් රුපියල් 25-30 අතර මිලකට මිලදී ගත හැකිව තිබුණි. පාරම්පරික වී ප‍්‍රභේද වගා කරන ගොවීන් උනන්දු කිරීමේ චේතනාවෙන් වී කිලෝවකට රු. 25-30 අතර මිලක් නියම කිරීමට පිළිවන් විය. ඒ මගින් පාරිසරික ගොවිතැනට ගොවීන් යොමු කිරීමටත් වැඩි ආදායමක් ඔවුනට ලබා දීමටත් අවස්ථාව සැලසුණි.

සාමාන්‍යයෙන් වී කිලෝවකින් සහල් ග‍්‍රෑම් 650 ක් ලැබේ. එය ග‍්‍රෑම් 600 දක්වා පහළ බසින අවස්ථාවන්ද තිබේ. තම්බා සකස් කරන ලද කල්හි එය ග‍්‍රෑම් 700 දක්වා ඉහළ යයි. ඒ අනුව අනෙකුත් නිෂ්පාදන වියදම් ද එකතු වූ කල්හි සහල් කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 58 ක් දක්වා ඉහළ යයි. රුපියල් හැටකට පාරිසරික නිෂ්පාදනයක් ලබාදීම මේ ආකාරයෙන් ලාබදායී නොවීය. නමුත් ගොවීන්ගේ පැත්තෙන් බලන කල්හි එය නිවැරැුදි විය. නිෂ්පාදන වියදම ද අඩුවී වැඩි ආදායමක් ලබාගැනීමට ඔවුනට හැකි වූ බව කිව යුතුය.

පාරිසරික ගොවිතැන පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු කිරීමට මේතාක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උනන්දු වී නොමැත. රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ මෙම ක‍්‍රමවේදය ස්ථාපිත වී තිබුණ ද නිලධාරීන්ගෙන් බහුතරය මේ මග ගැනීමට උකටලී වෙති. මේ තත්ත්වය මෙසේ තිබියදී පාරම්පරික වී ප‍්‍රභේද වගා කිරීම සඳහා ගොවීන් පෙළඹවීම මහත් අසීරු කටයුත්තක් විය. හුදෙක් රසායනික පොහොර සහ පලිබෝධනාශක මත සිය ගොවිතැන පවත්වාගෙන ගිය රජරට ගොවීහු සිය කුඹුරුවල මේවා වගා කිරිමට අකැමැති වූහ. අතරින් පතර කීපදෙනකු වගා කළ ද අලෙවි කිරීමට මිස පරිභෝජනය කිරීමට අකැමැත්තක් දැක්වූහ. එයට හේතුව සුදු පාන් සහ සුදු හාල් රුචිකත්වයයි.

1988 සිට 2015 කාල වකවානුවේ පාරම්පරික වී ප‍්‍රභේද වගාවේදී අත්දකින්නට ලැබුණු අමිහිරි සිදුවීම් රාශියකි. හුදෙක් පරිසරවේදීන්ගේ වුවමනාව මත සිදු කෙරුණු මෙම ගොවිතැන බොහෝ නිලධාරීන්ගේ ගර්හාවට ලක්විය. නමුත් ඇතැම් ප‍්‍රාදේශීය ලේකම්වරු කෘෂිකර්ම උපදේශකවරු සිය කන්න රැුස්වීම් සඳහා ආරාධනා කරමින් මෙම වගාව ව්‍යාප්ත කිරීමට දක්වන ලද සහයෝගය අති මහත් විය. රසායනික ද්‍රව්‍ය සහ පලිබෝධනාශක යෙදීමෙන් රජරට පළාතේ සිදුවූ ජල ¥ෂණය අවම කර ගැනීමට පාරම්පරික වී ප‍්‍රභේද භාවිත කළ හැකි බව ගොවීහු අත්දැකීමෙන් දැන ගත්තේ මෙම නිලධාරීන්ගේ මග පෙන්වීම මතයි.

මහා පරිමාණ වී මෝල් හිමියන් ගොවීන්ගෙන් වී මිලදී ගෙන ගබඩා කර ගන්නේ නිරතුරුව අඩු මිලක් සැපයීමෙනි. වී මිල අඩු මට්ටමක තබාගැනීමට ද, සහල් මිල අඩු මට්ටමක තබාගැනීමට ද මේ පිරිස නිරන්තරව උත්සාහ කරති. ඒ සඳහා රජයෙන්ද උදව් උපකාර ලැබෙති. වරින් වර පිටරටින් සහල් ගෙන්වීම මත මෙම වෙළෙඳ පොළ පාලනය කරති. රජරට ගොවීහු තම ජීවිකාව පවත්වාගෙන යැමට වී වෙළෙඳ පොළ සමග ගැටගැසී සිටිති. වී මිල පහත බැස්ස කල්හි ඔවුහු අසරණ වෙති. වෙළෙඳ පොළේ අනෙක් භාණ්ඩ වලට සාපේක්ෂව වී මිල ඉහළ නොයන කල්හි මේ ගොවීන් ගොවිතැන අත්හැරීමට පවා පෙළඹෙති. පසුගිය කාලයේ විශාල වශයෙන් කුඹුරු පුරන් වීමට ලක්වීමට මෙම තත්ත්වය ප‍්‍රමුඛ හේතුවක් විය.

මේ දිනවල ගාල්ල දිස්ත‍්‍රික්කයේ වී මිල දී ගන්නවා කියමින් ගොවියන් රවටවන සෙයක් නිලධාරිහු සිදු කරන බව ගොවි සංවිධාන කියයි.

මෙය වැරදියි, මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත‍්‍රීක් ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා කියන්නේ වී මිලදි ගන්නවා කියලා ගොවියන්ට කීවා නම් මිල දී ගත යුතු බවයි. මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙෂ ද ඒ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පසුගිය කාලයේදී ලෝකයේ ගොවිබිම්වල සිදුවූ නියං තත්ත්වය හේතු කොටගෙන සහල් ආනයනය කිරීමට නොහැකි විය. හිටිහැටියේ සහල් මිල ඉහළ යන්නට මෙය හේතුවක් විය. ඒ අනුව වී කිලෝවක මිල ද රු. 35 දක්වා ඉහළ ගියේය. රජයද රු. 28 ක් සහ රු. 30 ක් දක්වා සිය පාලන මිල වෙනස් කළේය. මේ මිල ගොවියාට ඉතා සහනදායී විය. රසායනික පොහොර සහනාධාරය සපයන ගමන්ම වී වෙළෙඳ පොළ ශක්තිමත්ව තබාගැනීම මගින් නිෂ්පාදකයා ද ශක්තිමත් වූ බව කිව යුතුය.

පාරම්පරික වී ප‍්‍රභේද වගා කරමින් ස්ථාවර මිලක් පවත්වා ගෙන ගිය පාරිසරික ගොවීන් මේ තත්ත්වය මත පාරම්පරික වී ප‍්‍රභේද වගාව අත්හැරීමට උත්සාහ කළේය. එයට පිළියමක් වශයෙන් පාරම්පරික වී කිලෝවක මිල රු. 45-50 දක්වා ඉහළ දැමීමට සිදු විය. ඒ අතර සහල් මිලද රු. 110-145 දක්වා ඉහළ ගියේය. මීට හේතුව සුළු වශයෙන් වගා කිරීමෙන් ඇතිවන විශාල නිෂ්පාදන වියදමයි. නමුත් පාරම්පරික වී ප‍්‍රභේදයන්හි තිබෙන ඖෂධීය ගුණාංග නිසා ඉහළ මධ්‍යම පාංතිකයන්ට මේ මිල එතරම් ප‍්‍රශ්නයක් නොවේ. අගය එකතු කළ සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් වශයෙන් පාරම්පරික සහල් ප‍්‍රභේදයන්ට තිබෙන ඉල්ලූම ක‍්‍රමයෙන් ඉහළ ගියා මිස අඩු වූයේ නැත.
වාණිජ පරමාර්ථ මත හැසිරවෙන වී වෙළෙඳ පොළ සහ ඒ මත සිටින ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වන්නේ ප‍්‍රමිතියෙන් යුතු භාණ්ඩයක් පමණි. ඒ මගින් ලැබෙන ලාභය මත සියල්ල තක්සේරු වේ. වී වගාකරන්නේ කෘෂිරසායනික යොදමින්ද නොයොදමින්ද යන්න ඔවුන් හට වැදගත් නොවේ.

වෙළෙඳ පොළේ පාරම්පරික වී ප‍්‍රභේද සඳහා තිබෙන ඉල්ලීම ඉහළ යන කල්හි මෙකී ව්‍යාපාරිකයන් රාශියක් මේ වෙළෙඳ පොළ ආක‍්‍රමණය කිරීමට අද සැදී පැහැදී සිටින බව කිව යුතුය. ඒ තත්ත්වය මත සහල් කිලෝවක සිල්ලර මිල රු. 175 දක්වා ඉහළ ගොස් ඇත. මෙම සහල් වෙළෙඳ පොළ සක‍්‍රීයව පවතින්නේ සුපිරි වෙළෙඳ පොළ ආශ‍්‍රිතවයි. 16% ක පමණ ප‍්‍රතිශතයක් වට්ටම් වශයෙන් සුපිරි වෙළෙඳ පොළකට ගෙවිය යුතුය. එම නිසා භාණ්ඩයේ මිල ඉහළ යැම පුදුමයට කරුණක් නොවේ.

පාරම්පරික සිංහල වී ප‍්‍රභේද දේශීය ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව පවත්වාගෙන යැමට බෙහෙවින්ම ඉවහල් වේ. පාරම්පරිකව එය භාවිත කර ඇත්තේ විශාල අත්දැකීම් රාශියක්ද සහිතවයි. හරිත විප්ලවය නිසා මේ අත්දැකීම් සියල්ල ද ගුණාංග සියල්ලද අපට අහිමි විය. වර්තමානයේ භාවිත කරන අභිජනන වී වර්ග අතරින් සුදු සහල් ප‍්‍රභේද පරිභෝජනය කිරීම මගින් කිසිසේත්ම සෞඛ්‍යය ආරක්ෂා නොවේ. ඒ වෙනුවට දියවැඩියාව ප‍්‍රමුඛ කරගත් නිදන්ගත රෝග රාශියක් වැළඳීමට ඉඩකඩ තිබේ.

පාරම්පරික වී ප‍්‍රභේද පරිභෝජනය කිරීමෙන් ශරීරයේ ප‍්‍රතිශක්තිය දියුණු කරන අතර ඇතැම් රෝගාබාධ සඳහා ඒවා සෘජුව ඖෂධ ලෙස භාවිත කළ හැකිය. උදාහරණයක් වශයෙන් හීනටි සහල් ප‍්‍රභේදය උණ, සර්ප දෂ්ටය, බහු මුත‍්‍රය, මධුමේහය ආදී රෝගාබාධ සමනය කරලීම සඳහා යොදාගනී. එසේ යොදා ගැනීමේදී වෙනත් ඖෂධ වර්ග සමග සංයෝග කර කැඳ වශයෙන් සහ ඖෂධීය ආහාර වශයෙන් යෙදීම සිරිතයි. ඒ ප‍්‍රතිකාර විධි රාශියක් සිංහල ආහාර විද්‍යාවේ ඇතුළත් වේ.

වර්තමාන විද්‍යාගාර පර්යේෂණ මගින් ඇතැම් පාරම්පරික වී ප‍්‍රභේදයන්හි ගුණාංග ඉස්මතුකරලීමට උත්සාහයක් ගෙන තිබේ. ග්ලූටමික් දර්ශකය මගින් එයට අවශ්‍ය දත්ත සපයා තිබේ. නමුත් දර්ශකයෙන් පෙන්වන දත්ත නිවැරැුදි වූ පමණින් එම ආහාරය රෝගාබාධයන්ට ඖෂධයක් ලෙසට යෙදිය හැකි නොවේ. උදාහරණයක් වශයෙන් පාරම්පරික සුවඳ සම්බා සුවඛ්ල් සම්බා වී ප‍්‍රභේදය දියවැඩියා රෝගීන් සඳහා සුදුසු යෑයි මේ පර්යේෂණ මගින් කියාපෑමට උත්සාහ ගෙන තිබේ.

මෙම සුවඳ සම්බා වී ප‍්‍රභේදය රෝගීන් සඳහා යෙදිය යුතු ආහාරයක් ලෙසට පාරම්පරිකව කිසිලෙසකින්වත් භාවිත කර නොමැත. එම වී ප‍්‍රභේදයේ සහල් වල පවතින සුවඳ එහි විශේෂත්වයෙකි. එය මධුර ආහාරයෙකි. කිරි ආහාර පූජාවන්ට සහ කුඩා දරුවන්ගේ ඉඳුල් කටගෑම් අවස්ථාවලදී එය වෙසෙසින් භාවිතය. පෝෂණීය සහ ජීවනීය ආහාරයක් ලෙසට එම වී ප‍්‍රභේදය හිමි කරගෙන ඇති ස්ථානය වියුක්ත පර්යේෂණ දත්ත මගින් අර්බුදයට ලක්කළ නොහැකිය.
පාරම්පරික වී ප‍්‍රභේදයන්ගේ ගුණාංග ඉස්මතුව එන්නේ සාමාන්‍යයෙන් මාස 06 ක් පමණ කල් තබාගත් විටය. තම්බා සකස් කර ගත් කල්හිද රෝගීන්ට සුදුසු ආහාරයක් බවට පත්වේ. සාමාන්‍යයෙන් වසර 03 ක පමණ කාලයක් හොඳින් වියළා ගත් වී තොග ගබඩා කර තබාගත හැකිය. පාරම්පරික වී බිස්සේදී එම කාලය තවත් දීර්ඝ වේ. මේ හැකියාව අභිජනන වී වර්ග සතුව නැත. පුරාණ කාලයේදී ලංකාවේ ජනතාව ස්වයංපෝෂිතව ජීවත් වූයේ මෙකී ආහාර සුරක්ෂිතතාව හේතු කොට ගෙනයි. යුද්ධ කාලවලදී විදේශයන්ට පවා සහල් තොග ඇරීමට පැරණියන් සමත් වූයේ මේ හේතුවෙනි.

ලංකාවේ වගා කරන සමස්ත කුඹුරු ප‍්‍රමාණයම අස්වැද්දීමට පසුගිය කාලයේ හැකියාව නොලැබුණි. එම සමස්ත ප‍්‍රමාණය අස්වැද්දීම සඳහා හැකි පමණ පාරම්පරික වී ප‍්‍රභේද යොදාගත හොත් වෙසෙසි ගුණාංග සහිත ආරක්ෂිත තොගයන් රැුස්කර ගැනීමට රජයට හැකියාව ලැබේ. එසේම ගොවි ජනතාව ජීවත් වන නිවාස අසල වී බිසි ඇතිකරලීමට උදව් උපකාර කළහොත් ආහාර සුරක්ෂිතතාවට විශාල පිටුබලයක් ලැබේ. ලංකාවේ දැනට පවතින විනාශකාරී රසායනික ගොවිතැන් ක‍්‍රමය වෙනස් කොට පරිසර හිතකාමී කෘෂිකර්මයකට අවතීර්ණ වීමට මෙය මහඟු ආරම්භයක් වනවා නිසැකය.

දැනට සුවිශේෂී වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කර ඇති පාරම්පරික වී ප‍්‍රභේද සෑම ගෙදරකම සුලභ ආහාරයක් බවට පත්වීමේ මාර්ගයද මේ මගින් උදාවන බව කිව යුතුය. මෙවැනි වෙනසකට පොහොර ජාවාරම්කරුවන් සහ එම ජාවාරම් වලින් වාසි ලබන නිලධාරීන් සහ දේශපාලනඥයන් කිසිසේත්ම කැමැති නොවනු ඇත. නමුත් රටට සුබ අනාගතයක් උදාකර ගැනීමට නම් ගොවි බහුතරයකට හිත සුව සලසන මෙවැනි පියවරකට යා යුතුම වනවා නිසැකය.
ගාල්ල දිස්ත‍්‍රීක් ලේකම් වරයා, ගාල්ල ලබුදුව වී පරියෙක්ෂණාගාරය, හා ගාල්ල දීස්ත‍්‍රීක්යේ සිංහල බත් රසයට පන්නරය දෙන නිලධාරින්ද, කෘෂිනිලධාරින්ද, දේහිය වී වගාව කරන්නට කුඔුරුට බසිනා ගොවියෝද ගාල්ලෙන් යමක් කරන්නට පෙරමුණ ගෙන සිටිති. මෙම කටයුත්ත අපේ ඇත්තෝ සාර්ථකව සිදු කරන බව ට මේ වන විට පෙරනිමිණි දැකිය හැකිය.

සටහන හා රූප හබරාදුව නිමල් අල්ගෙවත්ත

8141070055_dfd824bca8_b 665003303001_2076287076001_2013161285528621-20 images lagoswatta_compost our_farming_04 PF-1 products-tab rasaara_traditional-rice-varieties-of-sri-lanka-1024x682 sri_lankan_farmer Traditional_rice_in_sri_lanka_know_as_Akshata,charu,amishaa z_p02-Traditional-oil z_p04-A’pura_0