හොරු වෙනුවෙන් හොරු

0

මැතිවරණය ප්‍රමාද කරන්න හදන්නේ 20 වැනි සංශෝධනය පෙන්නමින් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ 20 වැනි සංශෝධනය ගැන දේශපාලන පක්ෂ අතර තවමත් එකඟතාවයක් දක්නට නොමැති බවත් දැන් විශ්වාසභංගයක් ගේන්න උත්සහ කරනව නම් එතන කුමන්ත්‍රණයක් සිදුවන බව පැහැදිළිව පෙනෙන්නට ඇති බවයි.

වත්මන් ආණ්ඩුව දින 100 වැඩසටහන තුළ උපරිමය කළ බවත් ඒ නිසාම හොරු වෙනුවෙන් හොරු කණ්ඩායම කුමන්ත්‍රණයක් දියත් කරන්න උත්සහ කරන බවත් මාධ්‍ය හමුවට එක්වූ එජාප මහලේකම් කබීර් හෂීම් කියා සිටියා. ආණ්ඩුවට කවුරුන් හෝ අභියෝග කරනවා නම් පාර්ලිමේන්තුව තුළ නොව පාර්ලිමේන්තුව පිටත ජන්දයක් පවත් වන ලෙසත් ඉන් විශ්වාසභංගය කොයි පැත්තට හැරෙන්නේද කියා දැකගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.