ඉන්දියාවේ එහේම උනත්!

0

ඉන්දියාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් 1,800කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. වසර 20කට පමණ පසු ඉන්දියාවේ උෂ්ණත්වය ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙලෙස ඉන්දියාවේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වූ ප්‍රථම අවස්ථාව ද මෙය වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කළේ.

මෙම උෂ්ණත්වය ඉහල යාම නිසා ඉන්දියාවේ ආන්ද්‍රා සහා තෙලගන යන ප්‍රාන්තවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, තවත් දින කිහිපයක් මෙම කාලගුණ තත්වයට මුහුණ දීමට සිදුවන බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.

ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් කම්කරුවන් සහා මහලු පුද්ගලයන් වන බවත්, මෙම තත්වයෙන් ආරාක්ෂාවීමට දහවල් කාලයේ එළිපෙහෙලියට යාමෙන් වැලකී, වැඩිපුර දියර වර්ග පානය කල යුතු බවට එරට ජනතාව දැනුවත් කර තිබෙනවා.

ශ්‍රීලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අප කල විමසීමකදී ඔවුන් කියා සිටියේ ඉන්දියාවට බලපා ඇති මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන අතර ලාංකික ජනයා ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවයි. ලංකාවට මෙවැනි අධික උෂ්ණත්වයක් වාර්ථා වුණේ 1983 අප්‍රේල් මස 10 වන දින බවත්, එය සෙල්සියස් අංශක 40.1ක් වශයෙන් සටහන් වූ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

hHJKcf1