පැන්න අයට වැඩ වරදීද?

0

තම පක්ෂය අත හැර ගිය කිසිදු දේශපාලනඥයෙකුට ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ඔවුන් දෙදෙනා අතර ඇති කරගත් එකඟතාවයක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.

එජාප එජනිස හවුල්කාර ආණ්ඩුව විසින් දේශපාලන වශයෙන් අති දුෂ්කර වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරමින් සිටියදී දේශපාලනඥ මේ ආකාරයට පිල් මාරු කිරීම එම වෑයම දිය වී යාමට හේතුවන බව පක්ෂ දෙකේම මාධ්‍යප්‍රකාශකයන් පවසනවා.

මේ අතර වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ දෙකේම බොහෝ මන්ත්‍රීවරුන් පක්ෂ මාරුවට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. එමෙන්ම එජාපය, ජවිපෙ, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ සන්ධානය පාර්ලිමේන්තුවේ තම සමාජිකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට වෑයම් කරන නිසා 20 සංශෝධනයට එකඟතාවය ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් වාර්තා වෙනවා.

කෙසේවෙතත් ඉදිරි සතිය තුළ ජනපති හා අගමැති මුලසුන දරන විශේෂ කමිටුව මගින් සංශෝධනයේ ඇතිවී ඇති ගැටළු සහගත තත්ත්වයන් නිරාකරණය කිරීමෙන් පසුව 20 සඳහා පාර්ලිමේන්තුවේ එකඟතාවය ලබා ගත හැකිවන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.