ආප්ප කෑවොත් ඔහොන්මමයි !

0

මේ දිනවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිපුරම ගැවසෙන්නේ පූජනීය ස්ථානවලදීය.ආණ්ඩුවේ පාක්ෂිකයන් කිහිප දෙනෙකු නම් චෝදනා කරන්නේ පන්සල් වල සිදුකරන දේශපාලනය හිරිකිත බවයි.

මේ කතා බහ අතරතුරදී පසුගිය දිනවලදී මහින්ද රාජපක්ෂ මොරටුව ප්‍රදේශයේ පැවති බෝධි පූජා පිංකමකට සහභාගි විය.එහිදී මහින්ද රාජපක්ෂ හමුවීම සදහා විශාල පිරිසක් එම විහාරස්ථානයට පැමිණ සිටී අතර ජනතාවගෙන් ඔහුට ලැබුණේ උණුසුම් පිළිගැනීමකී.

මේ සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් සහභාගිවූ අතර මෙම පිංකම අවසානයේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස තේ පැන් සංග්‍රහයක් සදහා මොරටුව නගරාධිපති සමන් ලාල්ගේ නිවස වෙත පිටව ගොස් තිබෙනවා.

එහිදී සංග්‍රහය සදහා ආප්ප තිබී ඇති අතර එහිදී ආප්ප දුටූ නාගරික මන්ත්‍රිවරයෙකු පැවසුවේ “අනේ සර් ආප්ප කන්න එපා ,තරහා වෙනවා ” යනුවෙනි.පසුව එයට ප්‍රතිචාර දැක්වූ මධු මාධව කියා සිටියේ ,ප්‍රශ්නය තියෙන්නේ ආප්පයේ නොව ,කාපු අයගේ බවයි.ආප්ප වලට දොස් පැවරීමෙන් ඵලක් නොමැති බවත් දැන් කොල්ලෝ මේ සදහා ආප්ප ටැක්ටික්ස් යනුවෙන් ප්‍රකාශ කරන බවද ඔහු පැවසුවා.

පසුව මහින්ද රාජපක්ෂ සිනා මුසු මුහුණින් කියා සිටියේ මට දැන් හොදින් ගාථා පිරිත් කටපාඩම් බවයි.එයට ප්‍රතිචාර දක්වමින් ගාමිණි ලොකුගේ සදහන් කලේ එහෙනම් දැන් සර්ට ගිහි පිරිතකට වුවත් වඩින්න පුළුවනි යනුවෙනි.