මම හොඳට හොඳයි,නරකට නරකයි

0

සේමිණි ඉද්දමල්ගොඩ දැන් ප‍්‍රවීණ ටෙලිනාට්‍ය චිත‍්‍රපට රංගන ශිල්පිනියක්. ඒ මතු ද නොවේ. ඇය වේදිකාවේද නිර්මාණ කිහිපයකට දායක වෙමින් තම දක්ෂතා මැනවින් දැක් වු රංගන ශිල්පිනියක් බැව් සටහන් නොකරම බැරි කාරණයක්. සේමිණි සම්බන්ධයෙන් තවත් දෙයක් මෙහි සටහන් කළ යුතුයි. අපේ කාලයේ රංගන ශිල්පිනියක් ලෙස පුංචි තිරයේ මෙන්ම රිදි තිරයේ ද සිය දක්ෂතා දක්වන ඇය පසුගිය දෙසැම්බර් 15 වැනිදා සිය විවාහ දිවියේ දහනව වැනි වසර එහෙම නැතිනම් විවාහ දිවියේ 19 වැනි සංවත්සරය සැමරුවා. ඇයගේ විවාහ දිවියට සුබ පතමින් මෙවර කතාබහට සේමිණි ඉද්දමල්ගොඩව අපි එකතු කර ගත්තා.

ඇත්ත කියන්න සේමිණි ඔයා මොන වගේ කෙනෙක්ද?

අයියෝ ඔය වගේ ප‍්‍රශ්නනේ හැමදාම අහන්නේ.මම කොයි වගේ කෙනෙක්ද කියලා දැන් මේ සමාජයේ අය දන්නවානේ.

සේමිණි ඔයා ඔය කිව්වේ ඇත්තම ඇත්තද?

ඔව්. මම ඇත්ත තමයි කිව්වේ. මම බොරු කියන්නේ නැහැ.

කමක් නැහැ මම විශ්වාද කරනවා. සේමිණි බොරු කියන්නේ නැහැ කියලා?

ඒ විශ්වාසයට බොහෝම ගරු කරන කෙනෙක් මම

පහුගිය කාලයේ තිබ්බ ප‍්‍රශ්ණ දැන් ඉවර ද?

මගේ පෞද්ගලික ජිවිතයේ නෙවෙයි. ඒ නමුත් ඒ ප‍්‍රශ්න උසාවියට භාර දීලානේ තියෙන්නේ.
අයෙත් නඩුවලට පැටලෙන එකක් නැහැනේ?කැමැත්තකින් කරපු දේවල් නෙවෙයි. ඒත් මම නිර්දෝශියිනේ.

ඔයාගේ නමේ අරුත ඔයාට අනුව කොහොමද?

ස්වේත මාණික්‍යයක්.

ඇත්තටම ඔයා ඒ තරම්ම වටිනවාද?

ඔව්. අනිවාර්යෙන්ම

ඔය තරම්ම ඔයාව කාටද වටින්නේ?

මගේ පවුලේ අයට මාව වටිනවා.

ඔයා හරි සුදුයි නේද?

ඔව්. පැහැපත් සමක් ලැබිලා තියෙනවා. පෙර පිනට

මොනවාද පෙර කර ඇති පින්?

පෙර ආත්මයක සංඝරත්නයට ඖෂධ පුජා කරන්න ඇති.

සුදු කියලා කවුරුත් කතා කරන්නේ නැතිද?

සුදු කියලා නම් කවුරුත් කතා කරන්නේ නැහැ. ඒත් සුද්දි කියලා කතා කරනවා.

ඒ වුණාට මට හිතෙනවා ඔයා හරි කළුයි කියලා?

ඔයා මාව දැකලා නැති කෙනෙක් නම් එහෙම කිව්වාට දුක නැහැ සුගත්. මට හිතෙනවා ඔයාව අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕනේ කියලා.

මම කිව්වේ සේමිණි ඔයා හරි සැරයි කියලා?

මම හොඳට හොඳයි. නරකට නරකයි. වැරද්දක් නැහැනේ. ඒකේ නේද?

ඔයා විවිධ චරිත රඟපැවනේ? මම හරි ආසයි ඔයා ගොළු චරිතයක් කරනවා දකින්න. ඔයාට ආසා හිතෙන්නේ නැතිද ඒවාගේ චරිතයක් කරන්න?

හොඳ අදහසක්. හ්ම් මමත් ආසයි ඇත්තටම ඒ වගේ චරිතයක් කරන්න.

දැන් හොඳ කාලේ නේද ඔයාගේම නිර්මාණයක් කරන්න?

ඔව්. මම ටෙලිනාට්‍යයක් කළා. ඒක ප‍්‍රථම සහ අවසන් ටෙලි නාට්‍යය වේවි.

මට හිතෙනවා වෙලාවට දැන් ඉන්නේ ඉස්සර හිටලූ සේමිණි නොවෙයි කියලා. මොකද්ද මේ වෙනස?

මොන විදිහට ද මම වෙනස් වෙලා තියන්නේ. භෞතික විදිහට ද?ආධ්‍යාත්මක විදිහටද?

දෙවිදිහටම වෙනස් වෙලා ද මන්දා?

මෙහෙමනේ වයසට යනකොට මිනිස්සු වෙනස් වෙනවා.

තාමන් ඉස්සර වගේ මිනිස්සුන්ට උදව් කරනවාද?

ඔව්. හැකි හැම වෙලාවේම උදව් කරනවා.

ඹට නිකමට වගේ හිතෙනවා සේමිණි දැන් මිනිස්සුන්ගෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ කියලා?

අනේ නැහැ. නිළියක් විදිහට නිතරම රූපවාහිනි නාලිකාවල නොපෙනුනාට මම ගැහැණියක් විදිහට මේ සමාජයේ ඉන්නවා.

එහෙම නම් ඔයා හිතනවාද ඔයා ජනප‍්‍රිය නිළියක් කියලා?

ජනප‍්‍රිය නිළියක් කියලා නම් මට හිතෙන්නේ නැහැ. ඒත් ගැහැණියක් ලෙස කාන්තාවන් අතර මම ඉන්නවා.

අපේ සමාජයේ සමහර අයට මිනිස්සුන්ට මුල මතක නේද?

ඒක නම් ඉතිං ජානවලින් එන දෙයක් නේද?

හැබැයි සේමිණි ඔය කණ්ඩායම අතරේ අපේ සමහර නළුනිළියෝ මුල් තැනක් ගන්නවා නේද?

ඔව්. ඒඅ යත් ඉතිං පෘථග්ජන මිනිස්සුනේ.

සාකච්ඡා කලේ සුගත් ශාන්ත මොරගහකුඹුර
උපුටා ගැන්ම – දිවයින ඉරිදා