අවුරුදු දෙකේ දරුවා කැබ් රියට යට වේ

0

පංගොල්ලාමඩ රතුකොහෝදිගල ප‍්‍රදේශයේ කැබ් රථයකට යට වීමෙන් දරුවෙක් ජිවිතක්‍ෂයට පත් වී තිබේ. ජීවිතක්‍ෂයට පත් වී ඇත්තේ අවුරුදු 02 වයසැති මොහොමඞ් හුනෙයිෆ් නම් කුඩා දරුවෙකි. ඊයේ (14) උදැසන 9.30 පමණ මෙම අනතුර සිදු වී ඇති අතර ධාවනයට සූදානම් වන අවස්ථාවේ කැබ් රථයට යට වීමෙන් දරුවා මරණයට පත් වී ඇති බව අලවතුගොඩ පොලිසිය සදහන් කරයි. දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව ඥාතීන්ට බාරදී ඇත. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු ඊයේ (14) දින අත්අඩංගුවට ගෙන තිබේ. පසුව මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්‍ෂ 02 කබ ශරීර ඇප මත මුදා හැර ඇත.