විද්‍යාගේ නාමයෙන් සමිත හිමි අළුගෝසු තනතුරු භාර ගනී !

0

පසුගිය දිනවලදී යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණය කොට ඝාතනය කරනු ලැබූ වින්ද්‍යා දැරියගේ ඝාතකයන්ට අධිකරණයෙන් මරණ දඬුවම නියම වුවහොත් දරුවන්ගේ නාමයෙන් තමා සිවුරු හැර අළුගෝසුවාගේ කාර්ය සිදු කරන බව දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් පවසයි.උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (07)දකුණු පළාත් සභා රැස්‌වීමේදීය.

විද්‍යා දැරියගේ ඝාතකයන්ට අධිකරණය හරහා මරණ දඩුවම ලබාදීම සිදු කලහොත් මාගේ ජිවීතය නැති වුවද සිවුරු හැර යමින් අළුගෝසුවා කාර්ය කිරීමට තමා ඉදිරිපත් වන බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

එහිදී අදහස් දක්වමින් බද්දේගම සමිත හිමියන් වැඩිදුරටත් පැවසුවේ ,

මේ රටේ දරුවන් වෙනුවෙන් මා අළුගෝසුවාගේ කාර්ය භාරය කරලා හිත හදාගෙන සිවුරු හැරලා වනගත වෙලා භාවනා කරනවා. මා භික්‍ෂුවක්‌. කාටවත් වෛර කරන්නේ නැහැ. අපේ රටේ එල්ලුම්ගහ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එල්ලුම් ගහට අළුගෝසුවන් තෝරාගත්තත් ඔවුන් රාජකාරිය කරන්න කැමැති නැහැ. ඉවත්වෙලා යනවා.ඒ නිසා මම ඒ වගකීම භාර ගන්නවා.