බල්ලන් සහ කපුටන්වී උපත ලබන හැටි

0

රාජ්‍ය දේපළ සහ පොදු දේපළ සූරා කන අය සහ සොරකම් කරන අය ඊළග ආත්මයේදී බල්ලන් සහ කපුටන්වී උපත ලබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.අද (08) පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුවේ සාංවත්සරික සැමරුම් උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ශ්‍රි පාද අඩවියේ නිශ්ශංක මල්ල සෙල්ලිපියේ එය පැහැදිලිව දක්වා ඇති බවත් ,එම වැකිය ඊයේට සහ අදට කොතෙක් දුරට ගැළපේද යන්න ඔබ විසින් සිතා බැලිය යුතු බවද ජනාධිපතිවරයා පැවසුවා. ශ්‍රි පාද අඩවියේ නිශ්ශංක මල්ල සෙල්ලිපියේ සදහන් මෙම වැකිය ජනාධිපති කාර්යාලයේ සිට මැති ඇමතිවරුන්ගේ කාර්‍යාලවල ,රජයේ නිළධාරින්ගේ කාර්යාලවට පුවරුවල සටහන් වන්නේ නම් එය වඩාත් වැදගත් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.එය ප්‍රධාන මහජන සේවකයා වශයෙන් තමන් යෝජනා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.