UNP කාරයන්ගේ බොක්ක රත්වෙන දවස

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම ස්ථිර බව විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා පවසයි.ඌව පරණගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර මැතිවරණ ජයේ සිහින දකිමින් සිටින එක්සත් ජාතික පක්ෂය දැන් අඩමින් සිටින බවත් එක්සත් ජාතික පාක්ෂිකයන් කිහිප දෙනෙකුම පසුගියදා තමා ජනාධිපතිවරයා සමග සහභාගිවූ උත්සවයකදී ඇත්තටම මහින්ද මහත්තයා එනවාද යනුවෙන් ප්‍රශ්න කල බවද ඔහු සදහන් කලා.

මහින්ද රාජපක්ෂට හෙට අනිද්දා නාම යෝජනා ලබා දෙන අවස්ථාවේදී යු .එන් .පී කාරයන්ගේ බොක්ක තවත් රත් වන බවද ඔහු පැවසුවා.