හරීන්ගේ ලැජ්ජා නහර කපලද ?මහ ඇමති දොට්ට දාන පදය මෙන්න !

0

විලිලැජ්ජාවක් ඇති නම් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දේශපාලනයෙන් ඉවත්විය යුතු බව විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා පවසයි.ඌව පරණගම ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

පසුගිය දිනක පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යරයා පැවසුවේ ,මෛත්‍රි -මහින්ද සුසංයෝගය වැදගත් නොවන අතරම යම් මොහොතක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තමා මහින්ද රාජපක්ෂ සමග එක්වූ බව ප්‍රකාශ කලහොත් මේ දේශපාලනය අමු තිත්ත පට්ටපල් බොරුවක් බවත් ඒ මොහොතේදීම තමා දේශපාලනයෙන් ඉවත් වන බවත්‍ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිමල් සිරිපාලද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ ,දැනටමත් මෛත්‍රි -මහින්ද එකතුවී අවසන් බවයි.ඒ පිළිබද අමුතුවෙන් යමක් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් නොමැති අතරම විලිලැජ්ජාවක් ඇතිනම් හරීන් ප්‍රනාන්දු තම වචනය වෙනස් නොකර දේශපාලනයෙන් ඉවත්විය යුතු බවද ඔහු සදහන් කලා.