මර්වින් ,සරණ ,සජින්ට සහ දුමින්දට අබසරණයි ! තවත් 05ක් කොට උඩ ?

0

ඉදිරි මහ මැතිවරණය සදහා තරග කිරීමට මන්ත්‍රිවරුන් සිව් දෙනෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.ඒ මන්ත්‍රිවරුන් සිව් දෙනා වන්නේ ,මර්වින් සිල්වා ,සරණ ගුණවර්ධන ,සජින්ද වාස් සහ දුමින්ද සිල්වායි.

ජනාධිපතිවරයාද ඒ අයට නාම යෝජනා ලබා නොදීමට තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.එසේම බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,සමන්මලි සකලසූරිය යන අයටද නාම යෝජනා ලබා නොදීමට ඊයේ පැවති මේ සාකච්ඡාවේදී තීරණය කර ඇති බව සදහන්.

එසේම ජොන්ස්ටන් ප්‍රනාන්දු ,මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධනගේ නම් නාම යෝජනා ලබා නොදීමට යෝජනාවී ඇති නමුත් ඒ පිළිබද තවමත් අවසන් තීරණයකට එළැඹි නෑ.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අද (09) දිනයේදීත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදින් මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරුන්ගෙන් විමසීමක් කල අතර එහිදීද ඔවුන් ප්‍රකාශ කලේ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුටම නාම යෝජනා ලබා නොදීමට තීරණය කර ඇති බවත් නම් වශයෙන් තවම ඒවා මාධ්‍යට හෙළි කිරීමට නොහැකි බවත් ය.