ආණ්ඩුවේ නිළධාරින් ඔළුවේ අත ගහ ගත් දවස !

0

රටේ ආදායම ශක්තිමත් කිරීමට නම් සුරාසැල් ඉවත් කල යුතු දිනයක් උදා කර ගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.මත්ද්‍රව්‍ය විරෝධි දිනයට අද (09) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,

අපේ රටේ වගේම ලෝකයේ හැම කෙනෙක්ම මත්ද්‍රව්‍ය නිසා ඇතිවන තත්වයන් හදුනගෙන තිබෙනවා.දුගී බව ,රෝගි බව ,පවුල් සංස්ථාව බිද වැටීම ,සමාජයේ ප්‍රතික්ෂේප වීම ,මේ කරුණු මත්ද්‍රව්‍ය තුළ ප්‍රගුණ වන බව ඔබ දන්නවා.

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ක්‍රියා කරන විට ඒ සම්බන්ධයෙන් අංශ කීපයක් තිබෙනවා.එක් පැත්තකින් නිත්‍යානූකුලව අළෙවි කරන මත්ද්‍රව්‍ය සමාජය තුළ භාවිතා කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම .අනිත් පැත්තෙන් මේ රටට එන නීති විරෝධි ඉතා දරුණු මත්ද්‍රව්‍ය මේ රටට ගලා ඒම වැළැක්වීම.අපිට මේවගේ පුළුල් ආරක්ෂක ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරලා ඉදිරි අවුරුදු 05 තුළ අඛණ්ඩව පවත්වාගෙන යන වැඩපිළිවෙලක් වශයෙන් පවත්වාගෙන යන්න ඕන.

අපේ රටේ විවිධ ක්ෂේස්ත්‍ර වලින් මේ සදහා තිබෙන බලපෑම් පිළිබදව පසුගිය කාලයෙන් අත්දැකීම් තියනවා.රජයක් හැටියට මේවා මැඩපැවත්වීමට ගත හැකි දැඩි ක්‍රියාමාර්ග අපි අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබද පසු විපරම් වාර්තා ගෙන්වා ගැනීමට.ඊට පසු සමස්තයක් විදිහට පොදු ජනතාව සෑම කෙනෙක්ම මේ පුළුල් ජාතික වැඩපිළිවෙලට සම්බන්ධ කර ගන්න බලාපොරොත්තු වෙනවා.

මේ වැඩසටහන නිසා රජය යෝජනා කලා එක දිගට දවස තුනක් හෙට ඉදලා සුරාසැල් වසා තබන්න.සුරාසැල් වහමුයි කියලා කියපු ගමන් ආණ්ඩුවේ ආදයම් භාරව සිටින නිළධාරින් ඔළුවේ අත ගහගත්තා.දවස් තුණක් වහලා කොහොමද අහනවා.මේක තමයි ඇත්ත තත්වය.

භාණ්ඩාගාරයේ අය වැය හදා ගන්න ගියාම සුරාසැල් නැතුව බෑ මේ රටේ.එහෙමනම් අපි දියුණු රටක්ද ?මේ රටේ භාණ්ඩාගාරය ශක්තිමත් කරන්න සුරාසැල් ඉවත් කරන දවසක් එන්නට ඕනේ.ඒ නිසා අධිෂ්ඨාන ශිලීව මම විශ්වාස කරනවා රජයේ මේ වැඩපිළිවෙල සාර්ථක වෙයි කියලා.