රාජිත ආයෙත් දොඩවයි ,මහින්දට දුන්නේ නෑලු !

0

ඉදිරි මැතිවරණයට තරග කිරීම සදහා මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් තවමත් එකගතාවයක් නොමැති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදින බවට නාම යෝජනා සදහා අත්සන් කලද අපේක්‍ෂකයන් විසින් අත්සන් කරනු ලබන නාමයෝජනා පසුව අදාළ පක්‍ෂයේ සභාපතිවරයා විසින් අනුමත කළ යුතු බවයි ඔහු සදහන් කලේ.

මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබාදීම සදහා පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තවමත් අනුමත කර නොමැති බවද ඔහු කියා සිටියා.