ලක්ෂ 62ක ජනතාවකට ද්‍රෝහිවූ ජනපති ,මෛත්‍රියි !

0

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීම වෙනසක අවශ්‍යතාවය වෙනුවෙන් ජනවාරි 08 වනදා මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය ලබා දුන් ජනතාවට සිදුකල ද්‍රෝහිකමක් බව පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය පවසයි.ඊයේ (08) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ සිදුකරන්නේ මුළු රටම පාවා දීමක් බවත් ඕන පක්ෂයකින් මහින්දට නාම යෝජනා ලැබුණාට අපට ප්‍රශනයක් නොවන බවත් නමුත් සිරිසේන මහත්තයා විසින්ම ඔහුට නාම යෝජනා ලබා දීම ද්‍රෝහිකමක් බවයි සමන් රත්නප්‍රිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

පොහොට්ටු බැරි නම් රාජපක්ෂ මලෙන් ආවත් ගැටළුවක් නොමැති බවත් නමුත් මෛත්‍රිපාල සිරිසේන සභාපතිත්වය දරන පක්ෂයෙන් ඔහු ඡන්දයට පැමිණීම රටේ ජනතාවට සිදුකරන ද්‍රෝහිකමක් බවද ඔහු දිගින් දිගටම පැවසුවා.