ගමනේ යා …..

0

ඉදිරි මැතිවරණයට තරග කිරීම සදහා අද (09) දිනයේදීත් පක්ෂ කිහිපයක් නාම යෝජනා අත්සන් තැබීම සිදු කලා.මෙවර මහ මැතිවරණයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි.ඒ සදහා වන නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වුණා.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සිය නාමයෝජනා පත‍්‍රයට අත්සන් තබනු ලැබුවා. මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීම සඳහා එසේ නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

එසේම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ වැදීම සඳහා වන නාම‍යෝජනා පත්‍රය අද භාර දුන්නා. සරත් ෆොන්සේකාගේ බෑණා කෙනෙකු වූ ධනුන තිලකරත්න ද එම පක්ෂය යටතේ නැගෙනහිර කොළඹින් මහමැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.පක්ෂයේ ලාංජනය ගිනි සිළුවයි.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළු ගෙඩිය ලකුණින් ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් වනවා .ඒ සදහා ඉදිරිපත් වන කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාර දීම අද සිදු වූවා.

මෙවර මහ මැතිවරණයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන බවට නාම යෝජනා සදහා අත්සන් තැබීම

11692487_869998876369498_8306090276776082763_n (3)

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය නාම යෝජනා භාර දීමට පැමිණි අවස්ථාව

IMGA0257 IMGA0260