ප්‍රසන්න නූලෙන් බේරෙයි !

0

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ඉදිරි මැතිවරණය තුළදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ අද (09)කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කලා.

ප්‍රසන්න රණතුංගට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට ඊයේ දිනය වන විටත් තීරණය කර තිබුණා.නමුත් අද මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේදී දීර්ඝ ලෙස සාකච්ඡා කල අතර පසුව දහවල් වන විට දැනගන්නට ලැබුණේ ප්‍රසන්න රණතුංගට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ කියා සිටියේ ,නියත වශයෙන්ම ප්‍රසන්න රණතුංගට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබීම ස්ථිර බවයි.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රිවරුන් වන මර්වින් සිල්වා ,සරණ ගුණවර්ධන ,දුමින්ද සිල්වා ඇතුළු කිහිප දෙනෙකුට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් තවමත් එකගතාවයකට එළැඹීමට නොහැකිවී ඇති බවයි.