රවී මැ.කොට ගොට්ට අල්ලයි ,අල වගේද ගෝවා !

0

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අද (12) රථ පෙළපාලියක් සංවිධාන කර තිබුණා. කොළඹ සුගතදාස ක්‍රිඩාංගණය අසලින් ආරම්භ වී කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක් ආවරණය කරමින් එය ගමන් කරවීමටයි සැලසුම් කර තිබුණේ.

ඊයේ මේ බව සැලවීමත් සමග මුදල් අමාත්‍යරයා, මැතිවරණ කොමසාරිස්වරයා දුරකතන ඇමතුමක් ලබාදී විමසා සිටියේ , එවැනි පෙළපාලියක් පැවැත්විය හැකි ද යන්නයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඒ අවස්ථාවේ අමාත්‍යවරයා වෙත දැනුම් දුන්නේ මැතිවරණය ඉලක්කර කර සිදු කරන සියලු පෙළපාලි මෙම අවස්ථාවේ පැවැත්වීම නීති විරෝධී බවයි.

කෙසේ වෙතත් ආධාරකරුවන් අද උදෑසන සිට ම සිය රථවාහන රැගෙන සුගතදාස ක්‍රිඩාංගණය අසලට එක් ව සිටියේ පෙළපාලියට සභාගීවන අපේක්ෂාවෙන්.එය සැලවීමත් සමග අමාත්‍යරයා එම ස්ථානයට ළගා වුණා.අමාත්‍යරයා ආධාරකරුවන්ට දැනුම් දුන්නේ මැතිවරණ නීති රීතිවලට ගරුකරමින් රැලිය අවලංගු කරන ලෙසයි.

එහි රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍යරයා කියා සිටියේ සියලු දෙනා රටේ පවතින නීතියට ගරු කළ යුතු බවයි.පෙර පැවැති ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව අතර පැහැදිලි වෙනස මෙය බවයි ඔහු පෙන්වා දුන්නේ. අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පැවැති සන්ධාන ආණ්ඩුව සිදු කළ ආකාරයේ ප්‍රචාරක කටයුතුවල නිරත වීමට කිසිදු සූදානමක් නොමැති බව අමාත්‍යරයා පැවසුවා.