ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් 49%ක් HIV ආසාධිතයන් !

0

HIV වෛරසය ශරීරගත වූවන්ගෙන් 49%ක් ලිංගික ශ්‍රමිකයන් සහ ඔවුන්ව ඇසුරු කරන්නන් බව එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහන පෙන්වා දෙනවා.ඊයේ (21) කොළඹදී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවති අතර එහිදි අනාවරණය වූයේ ,ඉන්දියාව හැර ශ්‍රී ලංකාව ඇතුළු සෙසු දකුණු හා අග්නිදිග ආසියාතික රටවලින් මෙය මෙලෙස වාර්තා වන බවයි.

ශ්‍රි ලංකාව තුළ වැඩිපුරම ඒඩ්ස් රෝගය පැතිරවිය හැකි අවදානම් කණ්ඩායම ලිංගික ශ්‍රමිකයින් හා ඔවුන් ඇසුරු කරන්නන් ලෙස හඳුනාගෙන ඇති අතර රෝගය පාලනය කිරීම සදහා විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවයද එහිදි පෙන්වාදී තිබෙනවා.

මේ අතර අප පසුගිය දිනවලදී HIV,ඒඩ්ස් රෝගයේ වර්ධනය සම්බන්ධයෙන් ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේගෙන් විමසීමක් කලා.ඔහු අප හා ප්‍රකාශ කලේ HIV ආසාධිතයන්ගේ වර්ධනයක් පවතින බවයි.

යම් පුද්ගලයෙක් එක් අයෙකුට වඩා ලිංගිකව එක් වන්නේ නම් ආරක්ෂිත කොපු භාවිතා කරමින් ලිංගික කටයුතු වල යෙදීම රෝගය යම්තාක් දුරකට පාලනය කර ගැනීම සදහා ඉවහල් වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.