මේ වෙනසක ඇරඹූමද ? (Video)

0

පසුගිය දිනවලදී මිරිහානේදී අත්අඩංගුවට ගැණුනු සුදු වෑන් ඇතැමුන්ගේ ජිවීත වලට තර්ජනයක් බවට හුවා දැක්වුවද මේ වන තුරු ඒ කරුණු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසයි.ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

පසුගියදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ කියා සිටියේ මේ සුදු වෑන් එක හසුවීමත් සමගින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂගේ ජිවීත වලට තර්ජනයක් පවතින බව තහවුරු වන බවයි. නමුත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පෙන්වා දෙනු ලබන්නේ ,මේ සුදු වෑන් එක හමුවීම සදහා කිසිවෙකුගෙත් ජිවීත වලට අවධානමක් නොමැති බවයි.