ජනක ජනපති මෛත්‍රිට කවියෙන්ම වැඩේ දෙයි

0

අද (24) සිය අමාත්‍යධූරය අත්හැරීමට අමාත්‍ය ජනක බණ්ඩාර කටයුතු කලා.ඔහු ප්‍රකාශ කලේ ඉදිරි මැතිවරණයෙන් පසු නියත වශයෙන්ම සන්ධාන ආණ්ඩුවක් පිහිටවිය යුතු බවත් එහි අග්‍රාමාත්‍යධූරය මහින්ද රාජපක්ෂට ලබාදිය යුතු බවයි.මේ සියල්ලටම වඩා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වටින බවයි ඔහු පැවසුවේ.

නමුත් සදහන් කල යුතු කාරණයක් පවතී.අමාත්‍යරයා අද තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ලබා දුන් මෙම ලිපියේ ඔහු කරුණු සදහන් කර තිබුනේ පද පේලි වලිනි. පහත දැක්වෙන්නේ එම කවි පේලියයි.
පවසන්නෙමි ජනපතිඳුනි මේ  වැකිය
සැනසෙන්නෙමි මිනිසුන් මැද හිටි  හැටිය
නවතින්නෙමි මේ ලෙස ගමනක්  නැතිය
පිළිගන්වමි මගෙ අස්වීමේ  ලිපිය

ඇත්තයි මුළු රටම හඬගානා  පුවත
තිත්තයි කොළ පාට රටටම කළ  විපත
කැත්තයි උදැල්ලයි හුරු මිනිසගෙ  සැපත
සත්තයි හදනවා නිල් යුගයක්  නැවත

නිරතුරු දඹුල්ලට සිරි සැප ගෙන  දැම්මා
තනතුරු නැතත් වැඩ කරනෙමි නැත  නිම්මා
පක්ෂය නැතිව මොන දේ දුන්නත්  නම්මා
ලක්ෂය දුනත් පාවා දෙනවද  අම්මා

කියනෙමි ඔබට සිත ළතැවුල් ඉවත  දමා
තවමත් ඔබට හැක එක්වනු නොමැත  පමා
අගමැති සමග නුදුරෙම එමි වන්න  සමා
අද යමි දඹුල්ලට තනතුරු මෙහිම  දමා

බුලත් කොළය යළි රට මුදුනට  ගෙනෙමු
සුරත් ලකුණෙ මහින්ද අගමැති  කරමු
මළත් දුකක් නෑ පක්ෂය මත මැ රෙමු
යළිත් රළපෙළක් මුහුදක් වී  නැගෙමු