“ඩිපෝටෝන්”උපත් පාලන එන්නත තාවකාලිකව තහනම්!

0

ඩිපෝටෝන් නමැති උපත් පාලන එන්නත තාවකාලිකව තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.ඒ මෙම එන්නත ලබා දීමෙන් පසු කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24ක කාන්තාවක් ජිවිතක්ෂයට පත්වීමත් සමගය.ජිවිතක්ෂයට පත්වූ කාන්තාව එක් දරු මවකි.

මේරි නිරෝදනී වන ඇය ඊයේ සවස ඇයගේ මාසයක් වයසැති පුංචි දියණියගේ කන විදීම සදහා කල්පිටිය දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයාගේ පෞද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගොස් තිබේ.ඉන් අනතුරුව ඇය උපත් පාලන එන්නත ලබා ගැනීමෙන් අනතුරුව අසනීප තත්වයට පත්වන්නට විය.සිහසුන් ගතිය සහ පපුවේ වේදනාව නිසා ඇය පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් විය.මෙම සිද්ධිය පදනම් කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය මෙම එන්නත තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයාගේ පෞද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වසා දමා ඇති අතර ඇයට ලබා දුන් එන්නත් කුප්පිය අධිකරණයට ලබා දීමට මෙන්ම ජිවිතක්ෂයට පත්වූ කාන්තාවගේ ශරීරයේ කොටස් වැඩිදුර විමර්ශනය සදහා රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද කල්පිටිය පොලිසිය කටයුතු කරනු ලබයි.