හර්ෂ බිලිදෙන්න රුවන්,රවී මෙහෙයුමක!

0

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව පුටුවේ රැඳී සිටිමේ සිහිනය සෑබෑ කිරීම සඳහා ඒ සඳහා සහයෝගය ලබා දෙන විවිධ කණ්ඩායම්වල බිල්ල බවට තරුණ සහ දක්‍ෂ ආචාර්යවරයෙකු වන හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා බිලි දීමට රනිල් වික‍්‍රමසිංහ මහතා සුදානමින් සිටින බව වාර්තාවේ. එක්සත් ජාතික පක්‍ෂයේ බස්නාහිර පළාත් සභා මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා පත් කරමින් බිලි දීමේ පලමු වටය ආරම්භ කර තිබේ. ආර්ථික උපදේශකයෙකු ලෙස ඉහල අවධානයක් දිනා ගත් හර්ෂ ද සිල්වා මන්ත‍්‍රිවරයා දිනෙන් දින ජනප‍්‍රිය වෙමින් ඉදිරියට පැමිණිම නිසා තමන්ට ඇති ජනප‍්‍රිය දේශපාලන ප‍්‍රතිරූපයන් බිඳ වැටෙන බැවින් හර්ෂ ද සිල්වා බිලි දීමට කටයුතු කරයි.

මේ පිටුපස එක්සත් ජාතික පක්‍ෂයේ ඊලඟ නායකයා බවට පත් වීමට මාන බලමින් සිටින ගම්පහ දිස්ත‍්‍රීක්ක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධන සිටින අතර ඔහුට රවි කරුණානායකගෙන් ද සහය ලැබී තිබේ. රවි කරුණානායක මන්ත‍්‍රීවරයා හර්ෂ ද සිල්වාගේ ආගමනයට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ ආර්ථික උපදේශකයා වෙමින් මාධ්‍ය අතර ද ඉහළ ප‍්‍රසිද්ධියක් ලබා ගෙන සිටියා. නමුත් හර්ෂ ද සිල්වා පැමිණිමත් සමඟ ආර්ථිකය සම්බන්ධයෙන් රවී කරුණානායකට අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ නිසා පරාජයට පත්වන බස්නාහිර පළාත් මැතිවරණය සඳහා හර්ෂ ද සිල්වා ඉදිරිපත් කොට ඔහු දේශපාලනික වශයෙන් පරාජය කිරීමට මේ දෙපල කටයුතු කරමින් සිටින බව ද වාර්තාවේ. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයේ රැඳි සිටිමේ ආශාව ඉටු කරනු ලබන රවි සහ රුවන් යන මන්ත‍්‍රීවරුන්ගේ උවමනාව මත කටයුතු කිරිමට රනිල් වික‍්‍රමසිංහට සිදුව තිබේ.

බස්නාහිර පළාත් සභාවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ මහ අමාත්‍ය ධුරය සඳහා තරඟ කිරීමට තමන් කැමැත්තක් හා සුදානමක් නැති බව ආචාර්ය හර්ෂ ද සිල්වා පක්‍ෂ නායකත්ව මණ්ඩලය වෙත දැනුම් දී තිබේ. මන්ත‍්‍රීවරයා මේ බව දැනුම් දී තිබෙන්නේ ඔහුව ඊයේ විපක්‍ෂනායක කාර්යාලය වෙත කැඳවා බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධුරය සඳහා තරඟ කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේදීයි.නමුත් විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එම තීරණය කිසිවිටකත් වෙනස් නොකරන බව එම අවස්ථාවේදී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත පවසා තිබේ.