කලර්ස් මොබයිල් mystore සහ mydeal සමග අත්වැල් බැද ගනී

0

ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ නවීන තාක්ෂණික අත්දැකීම් සමීප කරවන කලර්ස් මොබයිල්, පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියක් ‘MyStore.lk’ සමග අත්වැල් බැද ගනී. ඒ අනුව www.mystore.lk  වෙබ් අඩවිය ඔස්සේ මින් ඉදිරියේ දී කලර්ස් මොබයිල් ජංගම දුරකථන මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වේ. තමන් මිලදී ගන්නා ඕනෑම මාදිලියක කලර්ස් මොබයිල් ජංගම දුරකථනයක් සදහා ක්‍රෙඩිට් කාඞ් හෝ ඩෙබිට් කාඞ් හරහා ගෙවීම් සිදුකරන පාරිභෝගිකයින්ට වට්ටම් පිරිනැමෙන අතර නිවසටම ගෙන්වා ගැනීමෙන් අනතුරුව මුදල් ගෙවීමේ හැකියාව ද පවතී.

පුළුල් පරාසයක් ඔස්සේ විහිදුණු ජංගම දුරකථන මාදිලි රැුසකින් සමන්විත කලර්ස් මොබයිල් K 15 මාදිලිය යමහා ස්පීකර් වලින් සමන්විත වන අතර X 25 සහ X 35 සිට Zoom series  දක්වා වේගවත් අන්තර්ජාල සැරිසැරුමකට පහසුකම් සපයනු ලබන අතර X 18 Hero ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණයේ අද්විතීය අත්දැකීම් පහසුවෙන් අත්කර දෙයි. විශේෂාංග රැසකින් සමන්විත Z106, F012 සහ F007 ඇතුළු කලර්ස් මොබයිල් ජංගම දුරකථන මාදිලි රැසක් තරගකාරී අනෙකුත් ජංගම දුරකථන වලට වඩා ඉතාමත් අඩු මිල ගණන් යටතේ mystore.lk   වෙතින් දැන් මිලදී ගත හැකිය.

මොබිටෙල් ජංගම දුරකථන සේවාව මගින් සවිබල ගැන්වෙන MyStore වෙතින් දිවයිනේ ඕනෑම ස්ථානයකට සතියේ දින 3ක් ඇතුළත බෙදා හැරීම සිදු කෙරේ. නිවසට ගෙන්වා ගැනීමේ දී කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම මෙන්ම මොබිටෙල් එම් කෑෂ්, මොබිටෙල් බිල්පත් ඔස්සේ ගෙවීම්, ඊසි කෑෂ් සහ සම්පත් ඩෙබිට් සහ ක්‍රෙටිඞ් කාඞ් ඔස්සේ ඒ ස`දහා ගෙවීම් සිදුකළ හැකිය. ඊට අමතරව www.MyDeal.lk සහ www.MyStore.lk ප‍්‍රමුඛ පෙළ බැංකු වල ක්‍රෙඩිට් කාඞ් පත් මගින් පහසු ගෙවීමේ අවස්ථාව ද හිමි වේ. මේ දිනවල කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඞ් මගින් ඵහීඑදරුගකන වෙතින් සිදුකරනු ලබන මිලදී ගැනීම් සදහා හරහා 12.5%ක වට්ටමක් පිරිනැමීම ද සිදු කෙරේ.

පාරිභෝගිකයින්ට වඩාත් සමීප වීමේ අරමුණින් යුතුව කලර්ස් මොබයිල් මේ වන විට මොබිටෙල් සන්නිවේදන ජාලය මගින් බලගැන්වෙන MyDeal.lk අන්තර්ජාල අලෙවි වෙබ් අඩවිය ඔස්සේ ආකර්ෂණීය දීමනා සමග සිය අලෙවි කටයුතු පවත්වාගෙන යාමට කටයුතු සැලසුම් කරමින් සිටියි.

සියලූ කලර්ස් මොබයිල් ජංගම දුරකථන සදහා වසරක වගකීම් සහතිකයක් හිමිවන අතර බැටරියට සහ චාජරය සදහා මාස 6ක වගකීම් සහතිකයක් හිමි වේ. විදුලි උපකරණ සහ උපාංග ක්ෂේත‍්‍රයේ මෙරට ප‍්‍රමුඛතම සන්නාමයක් වන ඔරෙන්ජ් ඉලෙක්ටි‍්‍රකල්ස් වෙතින් කලර්ස් මොබයිල් අලෙවි සහ සේවා කටයුතු පවත්වාගෙන යනු ලබයි.

කලර්ස් මොබයිල් පිළිබ`ද වැඩිදුර තොරතුරු www.colorsmobile.com යන වෙබ් අඩවිය ඔස්සේ ‘Colors Mobile Sri Lanka’ ෆේස් බුක් පිටුව ඔස්සේ ලබා ගත හැකිය. ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන රැහැන් රහිත නවතම ජාල සේවාවන් වන www.fonearena.com සමග සම්බන්ධ වීමෙන් කලර්ස් මොබයිල් නවතම නිෂ්පාදන පිළිබද යාවත්කාලීන වීමේ හැකියාව පවතී.