ජනපති පෞද්ගලික ආරාධනා අපිට එපා

0

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මීන් ඉදිරියට කරනු ලබන කිසිදු පෞද්ගලික ආරාධනයක් පිළි නොගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ සභාපති ආර්. සම්පන්දන් මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ වවුනියාව සංස්කෘතික ශාලාවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ මහතා පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ මහා සම්මේලනයේදී තීරණ රැසක් ගත් බවයි. යුධ හමුදාවෙන් අත්පත් කරගෙන තිබෙන උතුරු නැගෙනහිර ඉඩම් යළි ලබා ගැනීම, සාම්පුර් හා යාපන වලිකාමම් ප‍්‍රදේශවලින් ඉවත් කළ සාමාන්‍ය වැසියන් නැවත පදිංචි කිරිම, උතුරු පළාත් කාන්තාවන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් පියවර ගැනීම වැනි තිරණ මෙම සම්මේලනයේදී සාකච්ඡා කර තිබේ.

තව ද ප‍්‍රදේශිය සභාවල ඉදිරිපත් කළ අයවැයට විරුද්ධව ඡුන්දය ලබා දුන් මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ද තීරණය කර තිබේ.දෙමළ ජාතික සන්ධානයේ මහා සම්මේලනයෙන් පසු පැවැති මෙම මාධ්‍ය හමුව විනාඩි 15 ක් වැනි කාලයක් පවත්වා තිබේ.